Search
Close this search box.

September 28, 2022

The blessing of official flags at the temple of the Sacred Tooth Relic is considered the main activity. Accordingly, the first religious activity of blessing all official flags took place today (Sep. 28) morning at Sri Dalada Maligawa in celebration of the 73rd anniversary.
All official flags of Sri Lanka Army were blessed at the Sacred Tooth Relic to commemorate their 73rd anniversary. Ancient kings fought many battles to protect this country, nation & religion and we find proud evidence of this throughout our history. There were great warriors who fought life & death battles with invaders, assisting those kings.
Army officers carried the flags in a procession from ancient Mahamaluwa to the temple of the Sacred Tooth Relic, representing all units of Sri Lanka Army including, Army Headquarters, Volunteer Forces Headquarters, All Security Forces Headquarters, Maintenance Headquarters, Support Arms, Regiments, other units, and the Sri Lanka Army training school. The flags were handed over to a team of senior officials led by Army Commander Major General Vikum Liyanage inside the temple of the Sacred Tooth Relic. Later Army Commander offered all the official flags to the Sacred Tooth Relic as per the guidance provided by the Nayake Thero in charge of Dalada Rituals (Thewa). Most of the higher-ranking officials were present at the first religious activity organized in commemoration of the 73rd anniversary of the Sri Lanka Army.
 
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර සැමරුමට සමගාමීව සියලු හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් සිදු කළ ප්රථම ආගමික උත්සවය අද (සැප්. 28) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ දී පැවැත්විණි.
යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් ඓතිහාසික මහමළුවේ සිට පෙරහරෙන් ශ්රී දළදා මාලිගාව වෙත පැමිණි, ශ්රී දළදා මාලිගාව තුලදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ප්රමුඛ ජ්යෙෂ්ඨ නිලධාරීන් වෙත එම ධජයන් භාරදුන්හ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්රී දළදා සමිඳුන්ගේ තේවාව භාර නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පෙරටුව එම ධජයන් ශ්රී දළදා සමිඳුන් අභියස තැන්පත් කරන ලදි.
73 වන ශ්රී ලංකා යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වූ ප්රථම ආගමික වැඩසටහන සඳහා හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.
මෙම අවස්ථාවට ශ්රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්රධානී, ශ්රී ලංකා යුද හමුදාවේ විධායක ජෙනරාල්, ආරක්ෂක සේනා(මධ්යම) ආඥාපති සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු යුදහමුදා ජේෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිළධාරීන් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් ඇතුළු සෙසු නිලයන් පිරිසක් සහභාගි විය.

Share With