Search
Close this search box.

November 7, 2020

ශ්රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (07) වැනිදා ශ්රී දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. 1965 දෙසැම්බර් 30 වන දා මහනුවර දී උපත ලද සුදර්ශන පතිරන මහතා, මහනුවර ධර්මරාජ විද්යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වේ. 1985 වසරේ ශ්රී ලංකා ගුවන් හමුදාවට කෙඩෙට් නිළධාරියෙක් ලෙස එක් වූ ඒ මහතා ගුවන් නියමුවෙක්, සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු, පියාසර පරීක්ෂකයෙකු වශයෙන් ද කටයුතු කර ඇති අතර දෙස් විදෙස් පුහුණුව ලැබූ නිළධාරියෙක් ද වේ.
එයාර් මාෂල් පතිරන මහතා විශිෂ්ඨ සේවා විභූෂනය සහ උත්තර සේවා පදක්කම් හිමි නිළධාරියෙක් වේ. මානුෂීය මෙහෙයුම් වලදී ඔහු දැක්වූ විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන්, වීර වික්රම විභූශන පදක්කම දෙවරක් ද, රණ වික්රම පදක්කම දෙවරක්, රණ සූර පදක්කම අවස්ථා හතරක දී ද දිනා ඇත.
ධූරයට පත්වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා සාම්ප්රදායානුකූලව දළදා සමිඳු වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහා විහාරයන් හී අතිපූජ්ය මහා නාමිහිවරුන් ඇතුළු ගරුතර මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

The newly appointed 18th Commander of Sri Lanka Air Force, Air Marshal Sudharshana Pathirana visited The Temple of the Sacred Tooth Relic today (7). Air Marshall Sudharshana Pathirana who was born in Kandy on the 30th December 1965 is an old boy of Dharmaraja College, Kandy. He who joined the air force as a cadet officer in year 1985 has contributed as a pilot, a qualified flying instructor and a flying examiner. He also has a rich local and foreign training history.
Air Marshal Pathirana was honored with “Vishishta Seva Vibhushanaya” & “Uttama Seva Padakkama” awards. Also awarded with “Weera Wickrama Vibhushanaya” twice, “Rana Wickrama Padakkama” twice and “Rana Sura Padakkama” four times for his great contribution in humanitarian operations.
He gained the blessings of the Sacred Tooth Relic and the blessings of the Maha Sangha of Asgiri and Malwathu chapters after his new appointment.

Share With