Search
Close this search box.

September 17, 2022

304971125_473497678154922_2978212021959869205_n

It is very rare that nobles of great class who are of great service to the country are born. Such nobles are called “Yugakaraka Purusha”. In the middle of the 19th century, such a great man of the era appeared on this day with the glory of previous merits. It was none other than Srimath Anagarika Dharmapala. Born on September 17, 1864. At the age of twenty-one, found his domestic life an obstacle to his altruistic, nationalistic, and educational ambitions. With the blessing of his parents, he ended the civil life and started a chaste celibate life. Since then, stopped using the terminological biblical name David and started using the name Dharmapala, the reputation of Anagarika Dharmapala has been spreading for half a century. His service towards Buddhism and the country is immense. The 158th anniversary of his great service for the Sinhalese nation is today (September 17). This was celebrated in a very simple ceremony in front of the statue of Srimath Anagarika Dharmapala in the Dalada Maligawa premises today morning under the leadership of the honorable Maha Sangha. The statue of Srimath Anagarika Dharmapala and the garden in the premises of Sri Dalada Maligawa were renovated and inaugurated by Sri Dalada Maligawa, UDA with the labour contribution of the Sri Lanka Army.

රට – දැය – සමයට මහෝපකාරී වන ශ්රේෂ්ඨ ගණයේ උතුමන් පහළ වන්නේ බොහෝ කලාතුරකිනී. එවන් උතුමන් හඳුන්වන්නේ යුගකාරක පුරුෂයන් කියා ය. 19 වන සියවසේ මැද භාගයේ දී එබඳු ශ්රේෂ්ඨ ගණයේ යුග පුරුෂයෙකු පුරාකෘත පුණ්ය මහිමයෙන් මේ ලක්දිව පහළ විය. ඒ කිසිවෙක් නොව ශ්රීමත් අනගාරික ධර්මපාලය. වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 දින දකුණු ලක උපන් ධර්මපාලයන් විසි එක්වෙනි වියේ දී ගෘහස්ථ ජීවිතය, සිය පරාර්ථකාමී ජාති හිතෛශී ශාසනික ප්රබෝධී අභිමතාර්ථයන්ට බාධාවක් හෙයින්, මාපිය ආශීර්වාදය ඇතිව අනගාරික දිවියට පිවිස පාරිශුද්ධ බ්රහ්මචාරී දිවියක් ඇරඹීය. එතැන් පටන් ඩේවිඩ් යන පාරිභාෂික බයිබල් නාමය අතැර, ධර්මපාල නාමය භාවිත කරමින් අනගාරික ධර්මපාල නමින් කීර්ති ගුණ ඝෝෂාව අඩ සියවසක් පුරා දසත විහිදුවීය. බුදු දහම – සිංහල ජාතිය උදෙසා මහානීය යුග මෙහෙයක් ඉටු කළ එතුමන්ගේ 158 වෙනි ගුණ සමරුව අද (සැප්.17) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් වන ශ්රී දළදා මාලිගාවේ ගුණ සැමරුම, පරිශ්රයේ පිහිටි ශ්රීමත් අනගාරික ධර්මපාල පිළිරුව අභියස අද පෙරවරුවේ ගරුතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් චාම් අභිමානවත් අයුරින් පැවැත්වීය. ශ්රී දළදා මාලිගාව පරිශ්රයේ පිහිටි ශ්රීමත් අනගාරික ධර්මපාල පිළිරුව හා එම උයන ශ්රී දළදා මාලිගාව හා නාගරික සංවර්ධන අධිකාරිය විසින්, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ ශ්රම දායකත්වය ද ඇතුව ප්රතිසංස්කරනය කර විවෘත කිරීම ද මීට සමගාමීව සිදු විය.

Share With