Search
Close this search box.

September 28, 2020

71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්රී දළදා සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි..
ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් ප්රථම ආගමික උත්සවය සම්ප්රදායික ‘හේවිසි’ සහ ‘මඟුල් බෙර’ හඬ මධ්යයේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ දී අද(28) පස්වරුවේ පැවැත්විණි.
යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සෙබළුන් මහමළුවේ සිට පෙරහරකින් දළදා මාලිගාව වෙත පැමිණි අතර, ශ්රී දළදා මාලිගාව තුලදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ප්රමුඛ ජ්යෙෂ්ඨ නිලධාරීන් වෙත එම ධජයන් භාරදුන්හ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ⁣ශ්රී දළදා සමිඳුන්ගේ තේවාව භාර නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පෙරටුව ඉමහත් ගෞරවයෙන් යුක්තව එම ධජයන් ශ්රී දළදා සමිඳුන් අභියස තැන්පත් කරන ලදි.
71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වූ ප්රථම ආගමික වැඩසටහන සඳහා හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්රධානී, විධායක ජෙනරාල්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, වන්නි ආරක්ෂක සේනා ආඥාපති, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, මධ්යම ආරක්ෂක සේනා ආඥාපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්රධාන මාණ්ඩලික නිලධාරීන්, සේනාවිධායකවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
වර්ෂ 1949 ඔක්තෝබර් මස ස්ථාපිත කරන ලද ශ්රී ලංකා යුද්ධ හමුදාව අද ස්වේච්ඡා ඒකකයන් ද ඇතුලත්ව රෙජිමේන්තු 24 කින් සමන්විත වන අතර, 2009 වසරේ ත්රස්තවාදය පරාජය කරමින් ලැබූ විජයග්රහණයෙන් අනතුරුව යුද්ධ හමුදාව මේ වනවිට දේශය ගොඩනැංවීමේ සංවර්ධන ක්රියාදාමය සඳහා ද සක්රියව දායකත්වය දක්වනු ලබන ලොව කීර්තිමත් හමුදාවකී.
 
Sri Lanka Army official flags were offered for blessings at the Sacred Tooth Relic to mark their 71st anniversary.
In par with the 71st anniversary celebrations of Sri Lanka Army, all their official flags were blessed at the Temple of the Sacred Tooth Relic today the 28th September amidst the traditional hevisi & ceremonial drumming.
More than 100 soldiers representing all units of Sri Lanka Army reached Sri Dalada Maligawa on a pricession from Mahamaluwa and handed over the flags to the a team of senior officials led by Army Commander Lieutenant General Shavendra Silva. Afterwards the Army Commander offered the flags to the Sacred Tooth Relic as per the guidance by the Nayaka Thero in charge of the rituals (Thewa)
Most of the higher ranking officials were present for the first religious activity to mark the 71st anniversary.
The Sri Lanka Army which was established in October 1949 consist of 24 regiments including the volunteer units. Sri Lanka Army is world famous after the victory over terrorists in year 2009 and for their contribution towards the development of the country.

Share With