Search
Close this search box.

March 17, 2021

Salawa Rajamaha Viharaya is an ancient complex of cave temples. The history runs back to King Walagamba’s era but written proof is of Kandyan era. The last stone inscription written with the approval of the king can be seen here. The temple which is located in a scenic location is very rich in cultural & archeological value.

ඉපැරණි ලෙන් විහාර සංකීර්ණයක් වන සැලව රජමහා විහාරය වළගම්බා රජ සමය දක්වා වූ ජනප්‍රවාදමය ඉතිහාසයකට උරුමකම් කියන අතර එහි ලිඛිත ඉතිහාසය මහනුවර යුගය දක්වා දිවයයි. රාජ අනුග්‍රහය සහිතව රචිත ලංකාවේ අවසන් සෙල් ලිපිය ද මෙහි දී දැක ගත හැක. මනස්කාන්ත දර්ශනීය වට පිටාවකින් යුක්ත මෙම ලෙන් විහාරය සංස්කෘතිමය හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත සුවිශේෂි ස්ථානයකි. එදා මෙහි වැඩ සිටි මොරතොට රාජගුරු ශ්‍රී ධම්මක්ඛන්ධ හිමි කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස අනුනායක පදවියට පත් වී ඇති අතර රාජගුරු ලෙසද පිදුම් ලැබූහ. සැලව විහාරය ගොඩනැගීම මොරතොට හිමියන් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ආරම්භ කොට ඇති බව සැළකේ.මෙම විහාරයේ ගොඩනැගීම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ වූවත් විහාරය බොහෝ දුරට අවසන් කොට මොරතොට හිමිට පූජා කරන ලද්දේ ‍ රාජාධි රාජසිංහ රජු විසිනි. මෙහි බුදු පිළිමයට නේත්‍රා තබා විහාරයේ පැවැත්ම සඳහා කුඹුරු ඉඩම් පූජා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසිනි.