Search
Close this search box.

September 27, 2021

All official flags of Sri Lanka Army were blessed at the Sacred Tooth Relic to commemorate their 72nd anniversary.
Ancient kings fought many battles to protect this country, nation & religion and we find proud evidence of this throughout our history. There were great warriors who fought life & death battles with invaders, assisting those kings.
72 years ago, Sri Lanka Army was established for the same purpose of protecting the country. The “Army Day” falls on the 10th Of October. Annually there are 3 religious activities organized to commemorate the raising of Sri Lanka Army. The blessing of official flags at the temple of the Sacred Tooth Relic is considered the main activity. Accordingly, the first religious activity of blessing all official flags took place today (28) evening at Sri Dalada Maligawa in celebration of the 72nd anniversary.
Army officers carried the flags in a procession from ancient Mahamaluwa to the temple of the Sacred Tooth Relic, representing all units of Sri Lanka Army including, Army Headquarters, Volunteer Forces Headquarters, All Security Forces Headquarters, Maintenance Headquarters, Support Arms, Regiments, other units, and the Sri Lanka Army training school. The flags were handed over to a team of senior officials led by Army Commander Lieutenant General Shavendra Silva inside the temple of the Sacred Tooth Relic. Later Army Commander offered all the official flags to the Sacred Tooth Relic as per the guidance provided by the Nayake Thero in charge of Dalada Rituals (Thewa). Most of the higher-ranking officials were present at the first religious activity organized in commemoration of the 72nd anniversary of the Sri Lanka Army.
 
රටත් ජාතියත් ආගමත් රැකගන්නට එදා රජවරුන් කටයුතු කළ බවට අපේ ඉතිහාසය සාක්ෂි දරන්නේය. තම දිවි දෙවැනි කොට ආරක්ෂා කරන ලද මේ රාජ්ය පරසතුරන්ගෙන් බේරාගැනීමට රජවරුන් විසින් මහ සෙනෙවි සහ සේනා නායකයන් සමඟ එකතුව කටයුතු කළ බවට අපේ ඉතිහාසය පෙන්වා දෙයි.
මීට වසර 72කට පෙර ශ්රී ලංකා යුද්ධ හමුදාව පිහිටුවන්නට කටයුතු කර ඇත්තේ් ඒ කාර්යය සඳහා උර දී ඇප කැප වී කටයුතු කිරීමටයි. ඒ අනුව ඇරැඹූ යුද හමුදාවේ ‘යුද හමුදා දිනය’ යෙදී ඇත්තේ ඔක්තෝබර් 10 වැනිදාට වන අතර, ඊට සමගාමීව සෑම වසරකම සිදු කරනු ලබන ආගමික උත්සව 3 අතරින් ශ්රී දළදා මාලිගයේ සිදුකරන ධජ පූජාවට වැදගත් තැනක් හිමි වේ.
ඒ අනුව 72 වන ශ්රී ලංකා යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් සිදු කළ ප්රථම ආගමික උත්සවය මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ දී අද(27) පස්වරුවේ පැවැත්විණි.
යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් ඓතිහාසික මහමළුවේ සිට පෙරහරෙන් ශ්රී දළදා මාලිගාව වෙත පැමිණි, ශ්රී දළදා මාලිගාව තුලදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ප්රමුඛ ජ්යෙෂ්ඨ නිලධාරීන් වෙත එම ධජයන් භාරදුන්හ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්රී දළදා සමිඳුන්ගේ තේවාව භාර නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පෙරටුව එම ධජයන් ශ්රී දළදා සමිඳුන් අභියස තැන්පත් කරන ලදි.
72 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වූ ප්රථම ආගමික වැඩසටහන සඳහා හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්රධානී, විධායක ජෙනරාල්, යාපනය, වන්නි, නැගෙනහිර, මධ්යම යන ආරක්ෂක සේනා ආඥාපතිවරුන්, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්රධාන මාණ්ඩලික නිලධාරීන්, සේනාවිධායකවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු සැරයරන් මේජර්වරුන්, ජ්යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
 
 

Share With