Search
Close this search box.

November 25, 2023

2023 වසරේ කාර්තික මංගල්‍යයේ පහන් දැල්වීම සඳහා අවැසි තෙල් බෙදා දීම පුරාතන චාරිත්‍රානුකූලව අද (නොවැ. 25) දින පස්වරුවේ සිදු විය. තෙල් නැලි එකසිය තුනක් ශ්‍රී දළදා මාලිගාවේ සිට මහනුවර ශ්‍රී මහා නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර මහා දේවාල සහ පිටිසරබද දේවාලවලට තෙල් බෙදාදීම මෙලෙස සිදු කරන ලදී.
 
As per the ancient rituals, the oil needed for lighting of lamps for the “Karthika” festival was distributed today the 25th. 103 oil neli (an ancient measuring) was taken to Sri Maha Natha Devala premises from Sri Dalada Maligawa and was distributed among the four main Devala and Rural Devales by the official called “Kariya Karawana Korala” and other officials according to the “Karthika” list.

Share With