Search
Close this search box.

March 13, 2021

Morapaya Royal Temple | මොරපාය රජමහා විහාරය

Morapaya Royal Temple is situated in scenic Padiyapalalle in between Rikillagaskada and Walapane. In the list of temples, its listed as Sagama, Pasgama, Araththana, Madanwala, Wilwala, Kadadora and then Morapaya. This temple is famous for its golden Buddha statue. The temple which is mentioned in the “Tale of Mandaram” is situated on the banks of Belihuloya. At the end of the 16th century the temple was destroyed from a landslide due to heavy rains. It was later re built a little away from its original location. As per history the Morapaya Raja MahaViharaya was built by king Buwanekaba the 6th.

රිකිල්ලගස්කඩ හා වලපනේ අතර කුඩා නගරයක් වන සුන්දර පදියපැලැල්ලේ මොරපාය රජමහා විහාරය පිහිටා ඇත්තේ ය. විහාර නාමාවලියේ සගම, පස්ගම, අරත්තන, මාදංවල, විල්වල, කඩදොර හා මොරපාය ලෙස සටහන් මේ විහාරය සිරිලක පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෙහි වඩා හිඳුවා ඇති ඓතිහාසික දඹරන් පිළිමය හේතුවෙනි. ඓතිහාසික මන්දාරම් පුවතේ ද සඳහන් මේ රජමහා විහාරය බෙලිහුල්ඔය නිම්නයේ පිහිටන්නේ ය. 16වන සියවසේ අග භාගයේදී ඇතිවූ මහා වර්වෂාවකින් දරුණු ලෙස නායගිය මේ විහාරය යලි ගොඩනගන්න සිදුවිය. ඒ පැරණි විහාරය තිබූ තැනට මදක් ඔබ්බෙනි. මොරපාය රජමහා විහාරය 6වන බුවනෙකබා රජු විසින් කරවූ විහාරයක් බව ඉතිහාසයේ දැක්වේ.