Search
Close this search box.

February 2, 2023

The new two-storied faculty building of the Faculty of Aesthetic Studies of Sri Lanka International Buddhist Academy (SIBA) in Pallekele was handed over to the students yesterday(1st Feb). Built with a financial donation from the Government of India to the Sri Dalada Maligawa in Kandy, this new two-storied building has features like lecture halls, classrooms, an IT department, a library, etc. and can accomodate more than 225 students who are seeking a degree.
The Faculty of Aesthetic Studies of the Sri Lanka International Buddhist Academy (SIBA) in Pallekele, Kandy was established in year 2016 with the aim of passing on the Upcountry dance tradition to future generations. It is according to the full concept of Hon. Diyavadana Nilame Pradeep Nilanga Dela with the advice and guidance of most Ven. Mahanayake theros of Asgiriya and Malwathu chapters.
Most Ven. Anunayake theros’ of Malwatu and Asgiri chapters, Hon. Diyawadana Nilame of the Temple of the Sacred Tooth Relic, Minister of Buddhasasana Religious and Cultural affairs Hon. Vidura Wickramanayake, officials of the High Commission of India, Rector of Sri Lanka International Buddhist Academy Dr. Upali Sedara, Basnayake Nilame of Kandy Sri Maha Natha Dewalaya, Basnayake Nilame of Kandy Sri Maha Pattini Dewalaya and many distinguished guests graced the occasion.
Many cultural performances by the students of Upcountry Dance Faculty added colour to the opening ceremony of the new two-storied faculty building.
 
මහනුවර, පල්ලෙකැලෙ පිහිටි ශ්රී ලංකා ජාත්යන්තර බෞද්ධ සරසවියේ (SIBA) උඩරට නර්තන පීඨයේ අභිනව දෙමහල් පීඨ ගොඩනැඟිල්ල ඊයේ (පෙබ. 1) සිසු අයිතියට පත්කරනු ලැබුවා. ඉන්දීය ජනරජයෙන් ශ්රී දළදා මාලිගාවට හිමි වූ මූල්ය පරිත්යාගයක් මඟින් ඉදිකළ මෙම නව දෙමහල් ගොඩනැඟිල්ල තුල දේශණ ශාලා, පන්ති කාමර, තොරතුරු තාක්ෂණ අංශයක්, පුස්තකාල ආදි අංග රැසකින් සමන්විත වන අතර උපාදි අපේක්ෂා කරන සිසු සිසුවියන් 225ට අධික සංඛ්යාවකට එමඟින් සෙවණ සපයයි.
උඩරට නර්තන සම්ප්රදාය මතු පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමේ අරමුණින් ශ්රී ලංකා ජාත්යන්තර බෞද්ධ සරසවියේ (SIBA) උඩරට නර්තන පීඨය හෙවත් සෞන්දර්ය අධ්යන පීඨය 2016 වසරේ දී ආරම්භ කරනු ලැබුවා. ඒ උභය මහා විහාරීය අතිපූජ්ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසණා ඇතිව ප්රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ පූර්ණ සංකල්පයකට අනුවයි.
මේ අවස්ථාව සඳහා සඳහා මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිගරු අනුනායක මාහිමිපාණන් වහන්සේලා වැඩමකළ අතර, ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්ය ගරු විදුර වික්රමනායක මහතා, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරී මහත්වරුන්, ශ්රී ලංකා ජාත්යයන්තර බෞද්ධ ඇකඩමියේ උප කුලපති ආචාර්ය්ය උපාලි සේදර මහතා, මහනුවර ශ්රී මහා නාථ දේවාලයේ ගරු බස්නායක නිලමේ තුමා, මහනුවර ශ්රී මහා පත්තිනි දේවාලයේ ගරු බස්නායක නිලමේ තුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ.
අභිනව දෙමහල් පීඨ ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උළෙල උඩරට නර්තන පීඨයේ සිසු සිසුවියන්ගේ සංස්කෘතිකාංග රැසකින් විචිත්රවත් විය.

Share With