ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කල 1712 වන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය “කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය” පුරා දින 11ක් අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් සිරි දළදා හාමුදුරුවන්ට අපරිමාණ වූ සංස්කෘතික පූජෝපහාර පුද දෙමින්, සියලු ලෝ වැසියන්ට ද ආශිර්වාද ප්රාර්ථනා කරමින් එහි සමාප්තිය තබමින්, සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬුව වැඩමවා මංගල නැකත් සුබ මුහුර්තයෙන් සිරි දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් ගෙවදින ලදී.