Search
Close this search box.

March 13, 2021

DegaldoruwaRoyal Temple, which is situated about 7 km away from Kandy city is famous as an art gallery for its frescoes of the Kandyan era. The frescoes are a main attraction of tourists so they include Degaldoruwa in their travel map of Kandy.The building of the temple was started by King Keerthi Sri Rajasinghe but later completed by his brother King Rajadhirajasinghe and offered to MorathotaBuddharakkithathero and his students. This fact is inscribed in the copper inscription by King Rajadhirajasinghe at the Degaldoruwa temple. Building the temple was completed in year 1786. These frescoes are an attractive study destination of students studying frescoes of the Kandyan era.

මහනුවර සිට කි. මී. 7ක් දුරින් පිහිටි දෙගල්දොරුව රජමහා විහාරය උඩරට සම්ප්‍රදායේ විශිෂ්ට බිතු සිතුවම් නැරඹීමට හැකි කලාගාරයක් ලෙස සැලකෙනවා. විදේශීය සංචාරකයන් ද තම මහනුවර චාරිකා සිතියමට දෙගල්දොරුවත් ඇතුළත් කර තිබෙනවා. විදේශීය සංචාරකයන් බහුලව මෙම පුද බිමට ඇදී එන්නේ ඒ නිසයි.කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකිරීම් ආරම්භ කර ඇති දෙගල්දොරුව විහාරය පසුව ඔහුගේ සොයුරු රාජාධි රාජසිංහ රජු විසින් විහාරයේ වැඩ නිම කර, මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන් ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට පූජා කර තිබෙනවා. ඒ බව හෙළි වන්නේ රාජාධිරාජසිංහ රජුගේ දෙගල්දොරුව තඹ සන්නසෙන්. විහාරය නිම කර තිබෙන්නේ ක්‍රි. ව. 1786 දී යි. උඩරට බිතු සිතුවම් ගැන හදාරන සිසුන් අතර මේ විහාර සිතුවම් අතිශය වැදගත්කමක් උසුලනවා.