අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක අතිගෞරවාර්හ ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 2025 ජූලි 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය. ඒ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී ය.
2025 ජූලි 21 සවස 4.00 ට මහනුවර ලියන්ගස්තැන්න විහාරයට ශ්‍රී දේහය වැඩම කරවීමට නියමිත අතර, 2025 ජූලි 22 දින පස්වරු 3.00 ට එම විහාරයෙන් අස්ගිරි මහා විහාරීය ප්‍රවර උපාලි අනුස්මරණ ශාලාව වෙත වැඩම කරවීමට නියමිතව තිබේ. 2025 ජූලි 24 වන දින දක්වා අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය එම ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරතිබේ.
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිගෞරවාර්හ ආනමඩුවේ ධම්මදස්සි නාහිමියන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී 2025 ජූලි 20 දින රාත්‍රියේ අපවත් වී තිබුණි. අපවත් වනවිට නාහිමිපාණන් වහන්සේ 67 වන වියේ පසුවුණි.
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98