නොවැම්බර් 21, 2026

රන් වියනේ නව ආලෝකකරණ පද්ධතිය විවෘත කෙරේ.

ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන වෙත ආලෝකය සපයන නව ආලෝකකරණ පද්ධතිය විවෘත කිරීම 2026 නොවැම්බර් 20 වන දින පස්වරුවේ සිදු කෙරිණි. ඒ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ අනුනායක මාහිමිපාණන් වහන්සේ, තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ අතිපූජ්‍ය ලුආං පෝ-අනන් අකංචාගනෝ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය තායි මහා සංඝරත්නය සහ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙනි.ජපානයේ ඉවාසාකි සමාගමේ මෙම නවීන High-Beam Eye Light ආලෝකකරණ පද්ධතිය මඟින්, මොසැයික් තාක්ෂණයෙන් ප්‍රතිසංස්කරණ කර නිමැවූ රන් වියනට රාත්‍රී කාලයේ අපූරු දිස්නයක් සහ ආලෝකයක් අද සිට එක්වෙනු ඇත.

பொற்கூரையின் புதிய ஒளியமைப்பு திறந்து வைக்கப்பட்டது.


புனரமைக்கப்பட்ட ஸ்ரீ தலதா மாளிகையின் பொற்கூரைக்கு ஒளியூட்டும் புதிய ஒளியமைப்பு சற்று நேரத்திற்கு முன்னர் திறந்து வைக்கப்பட்டது. அஸ்கிரிய பீடத்தின் அதிபூஜ்ய அனுநாயக்க தேரர், தாய்லாந்தின் வாட் மார்ப் ஜான் (Wat Marp Jan) விகாரையின் அதிபூஜ்ய லுவாங் போ அனன் அகஞ்சகனோ தேரர் தலைமையிலான தாய்லாந்து மகா சங்கத்தினர் மற்றும் தியவடன நிலமே பிரதீப் நிலங்க தேல ஆகியோரின் தலைமையில் இந்நிகழ்வு நடைபெற்றது.
ஜப்பானின் இவாசாகி (Iwasaki) நிறுவனத்தின் நவீன High-Beam Eye Light ஒளியமைப்பு மூலம், மொசைக் தொழில்நுட்பத்தில் புனரமைக்கப்பட்ட பொற்கூரைக்கு இன்று முதல் அழகிய பிரகாசமும் ஒளியும் கிடைக்கப்பெறும்.

New Lighting System of the Golden Canopy Unveiled.


The new lighting system illuminating the restored Golden Canopy of the Temple of the Sacred Tooth Relic was unveiled on the evening, 20th November 2026. The ceremony was presided over by the Most Venerable Anunayaka Thera of the Asgiri Chapter, the revered Thai Maha Sangha led by Most Venerable Luang Por Anan Akancagano of Wat Marp Jan Monastery in Thailand, and Diyawadana Nilame Pradeep Nilanga Dela.
Powered by a modern High-Beam Eye Light system from Japan’s Iwasaki company, this lighting will bring a brilliant radiance during the night to the newly restored mosaic Golden Canopy starting today.

Share With