Search
Close this search box.

July 2, 2021

බෞද්ධ සුභසාධක ශිෂ්‍යත්ව අරමුදල සදහා මහජන බැංකුවේ දායකත්වය නිලවශයෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත භාරදීමේ කටයුත්ත අද (02) දින ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය. මහජන බැංකුවේ 60 වන සංවත්සරය නිමිකොටගෙන එම බැංකුවේ ප්‍රාදේශිකයත්, බැංකුකරුවන්, බැංකුව සමඟ එක් වූ ගණුදෙනුකරුවන් එක්ව ශිෂ්‍යත්ව 188ක්, වසර 3ක කාලසීමාවක් සඳහා ප්‍රදානය කරන ලදී. මේ සදහා වැයකිරීමට අපේක්ෂික පිරිවැය රු.මි. 11කී. වර්ෂ 1996 සිට ශ්‍රී දළදා මාලිගාව මූලික කර ගනිමින් බෞද්ධ සුභ සාධක අරමුදල ස්ථාපිත කළ අතර එහි ප්‍රධාන දායකත්වය මහජන බැංකුව විසින් දරණ ලදී. 2005 සිට 2019 දක්වා රු.මි. 43ක ශිෂ්‍යත්ව එමඟින් සිසු දරුවන් වෙත පිරිනමා තිබේ.

මේ අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා, මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී මහින්ද ප්‍රේමරත්න මහතා, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය, විශේෂ ව්‍යාපෘති හා සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂක ක්‍රිෂාන්ත හිස්සැල් මහතා, මහනුවර ප්‍රාදේශීය කළමණාකාර බුද්ධික රණතුංගගේ මහතා, මහජන බැංකුවේ බදුල්ල ප්‍රාදේශීය කළමණාකාර මංජුල දිසානායක මහතා සහ මහජන බැංකුවේ මහනුවර ප්‍රධාන ශාඛාවේ කළමණාකාර ජනක ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

The contribution by Peoples Bank for the Buddhist Welfare Scholarships Fund was officially handed over to Sri Dalada Maligawa today (02) at Sri Dalada Maligawa premises. This meritorious act was done in celebration of their 60th anniversary with the contribution from the branch, bankers, and customers. 188 scholarships will be awarded for a period of 3 years. The expected expense would be Rs. 11 million. This fund was established by Sri Dalada Maligawa in year 1996 and the main contributor has been Peoples Bank. From the year 2005 till 2019 we have awarded scholarships worth Rs. 43 million.

Hon. Nilanga Dale – the Lay Custodian of Sri Dalada Maligawa, Mr. Krishantha Hissella – Director Media and Special Projects of Sri Dalada Maligawa, Mr. Ranjith Kodithuwakku – Chief Executive Officer & General Manager of Peoples Bank, Mr. Mahinda Premaratne – Asst. General Manager of Peoples Bank, Mr. Buddhika Ranathungage – Kandy District Manager, Mr. Manjula Dissanayake – Badulla District Manager, and Mr. Janaka Jayasinghe – Manager Kandy main branch were present at the occasion.

Share With