Search
Close this search box.

March 2, 2022

Before the Kandyan Convention was signed on the 02nd day of March in year 1815 at the “Magul Maduwa” the Audience Hall of the Royal palace of Kandy, the British hoisted the Union Jack ( their flag). Most Ven. Wariyapola Sri Sumangala thero, Deputy Prelate of Asgiriya chapter also in charge of Thewa at the time, seized and trampled the Union Jack demanding the flag of Kandy be left flying until the Convention was signed.
To date he is being honoured as a hero who boldly stood up against the injustice of the British empire 207 years ago.
Today (Mar.02) the statue of Ven. Sumangala Thero at Mahamaluwa was honoured with floral tributes. Most Ven. Anunayake Theros if Malwathu & Asgiriya chapters, Maha Sangha, Hon. Diyawadana Nilame Pradeep Nilanga Dela and the governors of Central & Sabaragamuwa province were present at the occasion.
මහනුවර ඓතිහාසික මඟුල්මඩුවේ දී වර්ෂ 1815 මාර්තු 02වන දා උඩරට ගිවිසුම අත්සන් කිරීමට මෙහොතකට පෙර එතෙක් ශ්රී දළදා මාලිගා භූමියේ ඔසවා තිබූ සිංහ ධජය බිම හෙළා බ්රිතාන්ය ධජය එසවිය. ඒ අවස්ථාවේ එවකට ශ්රී දළදා මාලිගාවේ තේවාව භාරව වැඩසිටි අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අති පූජ්ය වාරියපොල ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ එතැනට වැඩමකොට බිම හෙලූ සිංහ ධජය නැවතත් එසවීමට කටයුතු කළා.
අධිරාජ්යයේ අයුක්තියට එරෙහිව මීට 207 වසරකට පෙර අභීතව සිහනාද කළ ලක් වීරවරයන් අතුරෙන් ඉදිරියට ආ අභීත සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස වාරියපොල ශ්රී සුමංගල නාහිමියන් ගෞරවයට පාත්ර වේ.
ශ්රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි සුමංගල නාහිමි පිළිරුවට අද (මාර්තු 02) පුෂ්පෝපහාර පුද කරමින් උන් වහන්සේගේ ගුණ සිහිපත් කරනු ලැබුවේ මල්වතු හා අස්ගිරි මහා විහාරීය අතිගරු අනුනායක නාහිමිපාණන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ හා ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේතුමාගේ ප්රධානත්වයෙන් ය. මෙම අවස්ථාව සඳහා මධ්යම හා සබරගමු පළාත් ආණ්ඩුකාරවරුන් ද එක් වූහ.
 

Share With