Search
Close this search box.

November 30, 2020

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයයට පත් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මක්කුලාවේ විමල නාහිමියන් අද(30) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා වැඩම කරන ලදී. 2012 වසරේ සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පදවිය දැරූ උන් වහන්සේ පසුගිය 22දා එම නිකායේ කාරක සංඝ සභාව විසින් සම්මානනීය මහානායක පදවියට පත් කරන ලදී. විමල නාහිමියෝ රාමඤ්ඤ නිකායේ දහහතර වැනි මහ නායක නාහිමිපාණන් වේ. 72 හැවිරිදි වියේ පසුවන අභිනව මහ නාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියට වසර 60කි. වීඩියෝව
Agga Maha Panditha Most Venerable Makkulewe Wimala thero, the newly appointed Chief Incumbent of Ramanna Maha Nikaya visited Sri Dalada Maligawa today(30) to get blessings. He was appointed as the 14th Chief Incumbent of Ramanna Nikaya on the 22nd by the committee, he was also the Adhikarana Sangha Nayaka of Ramanna Nikaya from year 2012. Most venerable Wimala thero is 72 years and
he has been serving Buddha Sasana as a monk for the past 60 years. 

Share With