වීර මොණරවිල කැප්පෙටිපොල 206 වෙනි ගුණ සැමරුම.

වීර මොණරවිල කැප්පෙටිපොල 206 වෙනි ගුණ සැමරුම ශ්‍රී දළදා මාළිගාවේ මහමළුවේ පිහිටි කැප්පෙටිපොළ ස්මාරකය අභියස 2024 නොවැම්බර් 26 පෙරවරුවේ පැවැත්විණි. ඒ සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහා විහාර පාර්ශවයන්හී අතිගරු අනුනායක නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙනි. 1505 සිට 1948 දක්වා යටත්විජිත වාදයෙන් මෙරට නිදහස් කර ගැනීම සදහා දේශප්‍රේමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් අර’ගලය වෙනුවෙන් නායකත්වය […]
අභිනව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍යවරුන් හා එහි ලේකම් තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණියා.

අභිනව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහ එම අමාත්‍යාංශයේ ලේකම් එම්. බී අතපත්තු යන මහත්වරුන් සිය ධූරයන්හී රාජකාරි කටයුතු ආරම්භ කරමින්, ආශිර්වාද ලබා ගැනීම සඳහා 2024 නොවැම්බර් 22 වන දින පෙරවරුවේ මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. ගරු […]
ඉල් මහා කාර්තික මංගල්‍යයේ කාර්තික පෙරහර

ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්‍යයේ කාර්තික පෙරහර 2024 නොවැම්බර් 15 දින යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්‍ර වලට අනුව පවත්වන ලදී. “සිංහරාජා” හස්ථියා විසින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්‍රවත් පෙරහරකින් ද අනතුරුව රාත්‍රිය උදාවන විට පැවැත්වූ ප්‍රදීපාලෝක පූජාවෙන් ද කාර්තික මංගල්ලය […]
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සංවිධානය කරන වෛද්‍ය සායන සේවය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සංවිධානය කරන වෛද්‍ය සායන සේවය 2024 ඔක්තොම්බර් 21වන දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී ආරම්භ විය. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නය, පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය්‍ය මණ්ඩලය වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙම වෛද්‍ය සායනය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් […]
ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය 2024 ඔක්තෝම්බර් 18 සහ 19 දෙදින පවත්වා අවසන් විය. ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ශාස්ත්‍රවේදී පණ්ඩිත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සී ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් වහන්සේගේ උපෙද්ශකත්වයෙන් යුතුව මහනුවර, කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියගේ සංවිධායකත්වයෙන් පැවති මේ […]
ශ්‍රී දළදා මාලිගාවේ 2024 වර්ෂයේ කඨින චීවර පූජා මහෝත්සවයේ ධර්ම දේශණාව

ශ්‍රී දළදා මාලිගාවේ 2024 වර්ෂයේ කඨින චීවර පූජා මහෝත්සවයේ ධර්ම දේශණාව 2024 ඔක්තෝම්බර් 18 පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ නව බුදු මැඳුරේ දී පවත්වන්නට යෙදුනා. ඒ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති, ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව කටයුතු කරන ශාස්ත්‍රවේදී පණ්ඩිත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සී ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් […]
අස්ගිරිය මහ පිරිවනේ “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල – 2024

සම්බුද්ධ ශාසනය උදෙසා වියත් විනීත, විනයධර භික්ෂු පරපුරක් බිහිකිරීමට උරදෙන මහනුවර, අස්ගිරිය මහ පිරිවනේ 2024 “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල ඔත්තෝබර් 14, 15 දෙදින පිරිවෙන් පරිශ්‍රයේ පැවැත්විණි. එහි සමාරම්භය ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර, ආරාධිත දේශණ හා විචිත්‍රවත් සාහිත්‍යාංග වලින් උත්සවය සමන්විත විය. Streamed LIVE | Sanjanani 2024 6 Videos […]
සිරි දළදා යල් අස්වනු පූජාව 2024

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍රස්ත්‍රය දළදා හාමුදුරුවන් වහන්සේ වෙත පූජා කිරීමේ අරමුණින් සිදුකරන “සිරි දළදා යල් අස්වනු පූජාව” දළදා සමිඳුන් උදෙසා තේවාවව භාරව කටයුතු කරන අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගරුතර උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේගේ අනුශාසනා පරිදි 2024 ඔක්තෝම්බර් 15 දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විය. ජාතික ඒකාබද්ධ ගොවි […]
The Honorable Prime Minister of the Republic of Sri Lanka, Dr. Harini Amarasuriya visited the Sri Dalada Maligawa

ශ්‍රී ලංකා ජනරජයේ අභිනව ගරු අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මැතිතුමිය 2024 සැප්තැම්බර් 28 වන දින පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේතුමන් විසින් එතුමිය ශ්‍රී දළදා මාලිගාවේ දී පිළිගනු ලැබුවා. The Honorable Prime Minister of the Republic of Sri Lanka, Dr. Harini Amarasuriya […]
The World Tourism Day Celebration 2024

ලෝක සංචාරක ගමනාන්ත අතුරෙන් සුවිශේෂී මංසළකුණක් වන ශ්‍රී දළදා මාලිගාව සැප්තැම්බර් 27 දින ට යෙදී ඇති ලෝක සංචාරක දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබුවා. විදෙස් සංචාරකයින්ගේ විශේෂ අවධානයකට හා ගෞරවයකට ලක්වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට විශාල විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ගමනාන්තයකී. සැමරුම් උත්සවය සඳහා ශ්‍රී දළදා මාලිගාව පිළිබඳ හා මහනුවර පිළිබඳ වන පූර්ණ […]
