නුවරඑලිය කඳු පන්තිය පාමුල කොත්මලා ඔය නිම්නයේ පිහිටි මොරපේ කතරගම දේවාලය දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. සිව්වන බුවනෙකබාහු රජතුමා ද, හෙනකඳ බිසෝබණ්ඩාර දේවිය ද, කතරගම දෙවියන් ද එකට එක්කෙරෙන අපුරු ජනප්රවාදයක් මත ගොඩ නැගෙන මෙම දේවාලයේ මුලාරම්භය කොත්මලේ සංවර්ධන වියාපෘතිය යට හසුවී යලි ස්ථාපිත කරන ලද ඉදිකිරීමක් ලෙස වර්ථමානයේ දිස් වේ.