July 1, 2025

මහනුවර ඓතිහාසික ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත විශේෂ දීමනා පත්‍රයකින් පූජා කිරීමෙන් පසු, එහි පෞරාණිකත්වය හා වටිනාකම් ආරක්ෂා වන පරිදි කන්ද උඩරට රාජධානිය පිළිබඳව ප්‍රති නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකේය පළමු හා එකම ඉටි රූ කෞතුකාගාරය තව නොබෝ දිනකින් දෙස් විදෙස් සංචාරකයින් වෙත විවෘත වන්නේ මෙරට සුවිශේෂී අත්දැකීමක් අත් කර දෙමින්ය. එය විවෘත කිරීමට ප්‍රථම ඇහැලේපොළ මහා අධිකාරම්තුමා ඇතුළු එතුමාගේ පවුලේ අයටත්, මේ කාර්යය උදෙසා වෙහෙසෙ මහන්සි වූ සැමටත් ආශිර්වාද පතා ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා විසින් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් පින්කම සහ සියක් නමක් විෂයෙහි පැවැත් වූ මහා සාංඝික දානමය පින්කම 2025 ජුනි 30 දින සහ 2025 ජුලි 01 දෙදින ඓතිහාසික ඇහැළේපොළ වලව්ව පරිශ්‍රයේදී පැවැත්විණි.

The historic Ehelepola Walauwwe, now restored under the care of the Sri Dalada Maligawa, is set to open soon as Sri Lanka’s most iconic wax museum bringing royal history to life for local and international visitors. To mark this milestone, the Pirith chanting and Alms-Giving Ceremony were held over two days (30th June and 01st July 2025), led by the Hon. Diyawadana Nilame, seeking blessings from the first Ehelepola Adhikaram and his family, and all who contributed to this remarkable journey.

Share With