Customize Consent Preferences

We use cookies to help you navigate efficiently and perform certain functions. You will find detailed information about all cookies under each consent category below.

The cookies that are categorized as "Necessary" are stored on your browser as they are essential for enabling the basic functionalities of the site. ... 

Always Active

Necessary cookies are required to enable the basic features of this site, such as providing secure log-in or adjusting your consent preferences. These cookies do not store any personally identifiable data.

Functional cookies help perform certain functionalities like sharing the content of the website on social media platforms, collecting feedback, and other third-party features.

Analytical cookies are used to understand how visitors interact with the website. These cookies help provide information on metrics such as the number of visitors, bounce rate, traffic source, etc.

Performance cookies are used to understand and analyze the key performance indexes of the website which helps in delivering a better user experience for the visitors.

Advertisement cookies are used to provide visitors with customized advertisements based on the pages you visited previously and to analyze the effectiveness of the ad campaigns.

October 27, 2020

බෞද්ධ වැඩි දෙනෙක් නොදන්න හයවන මහා ධර්ම සංගායනාව.
 
1954 බුරුමයේ යැන්ගුන් නුවර.
ථෙරවාද බෞද්ධ සම්ප්රදායේ හතරවැනි ධර්ම සංගායනාව විදියට සැලකෙන්නේ මාතලේ අළු විහාරයේ දී පැවැත්වුණු ධර්ම සංගායනාව. පස් වැනි ධර්ම සංගායනාව විදිහට සැලකෙන්නේ බුරුමයේ මින්ඩොන් රජතුමාගේ අනුග්රහයෙන් ව්යවහාර වර්ෂයෙන් 1871දී පැවැත්වුණු ධර්ම සංගායනාව. හයවැනි ධර්ම සංගායනාව ආරම්භ වෙන්නේ 1954 මැයි 17 වැනි වෙසක් පෝය දා බුරුමයේ යැන්ගුන් නගරයේදී. ධර්ම සංගායනාව ආරම්භ කිරීමෙන් වසර දෙකක් ගත වී 1956 මැයි මස 24 වැනිදාට යෙදෙන 2500 වැනි සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන දින සංගායනාව නිමා විය.
හයවැනි ධර්ම සංගායනාව සඳහා ප්රධාන දායකත්වය දරන ලද්දේ එවකට බුරුමයේ අගමැතිවරයා වූ ‘ඌ නූ’ විසින්. භක්තිමත් බෞද්ධයකු වූ ඔහු විසින් බුරුමය තුළ බුද්ධාගම නගා සිටුවීමට විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබුවා. පළමු වතාවට බුරුමය තුළ බුද්ධාගම රාජ්ය ආගම බවට පත් කරන ලද්දේ ඔහු විසිනී.
 
✦පැවැත්වුණු ස්ථානය,
පළමු ධර්ම සංගායනාව පැවැත්වුණු රජගහනුවර සප්ත පර්ණි ගුහාව සිහිපත් කරමින් මහාපාෂාණ ගුහා නාමයෙන් ආරාම සංකීර්ණයක් ගොඩනඟනු ලැබුවා. පසුව ධර්ම සංගායනාව පැවැත්වෙන ස්ථානයේ “කබා ආයේ” නම් දාගැබක් සහ විහාර සංකීර්ණයකුත් ඉදි කරනු ලැබුවා.

✦සහභාගී වූ භික්ෂූන් වහන්සේලා,
මෙම ධර්ම සංගායනාව සඳහා ථෙරවාද බෞද්ධ රටවල් අටක් නියෝජනය කරමින් වියත්ධර භික්ෂූන් වහන්සේලා රාශියක් වැඩම කළා. බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, ශ්රී ලංකාව, නේපාලය, වියට්නාමය සහ ඉන්දියාව මෙම රටවලුයි. ජපානයෙන් ද භික්ෂූන් වහන්සේලා කීප නමක් මෙම ධර්ම සංගායනාව සඳහා වැඩම කර ඇත.

✦ප්රධානත්වය ගත් භික්ෂූන් වහන්සේලා,
පළමු ධර්ම සංඝායනාවේදී මහා කාශ්යප මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද කාර්යය වූ එම සංගායනාවේ මූලාසනය ගැනීම සිද්ධ කරන ලද්දේ එවකට බුරුමයේ වැඩ වාසය කළ සිල්වත් සහ ධර්මධර භික්ෂූන්වහන්සේ නමක් වූ මහාසි ශයාඩෝ මහා ස්ථවිරයාණන් වහන්සේ විසින්.

✦ශ්රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා,
මෙම ධර්ම සංගායනාව සඳහා ශ්රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා කීප නමක් අතර බළංගොඩ ආනන්ද මෛත්රිය මහා නායක ස්වාමීන් වහන්සේ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. එසේම මෙම ධර්ම සංගායනාව සඳහා සහභාගී වූ පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ට බුරුම රජය මඟින් අග්ගමහා පණ්ඩිත උපාධිය ද පිරිනමනු ලැබුවා. මෙම ධර්ම සංගායනාව සඳහා සහභාගී වී, ඇතැම් බුරුම හිමිවරුන්ගේ වැරදි මත දුරු කිරීමට තුඩාවේ අරියවංශ හිමියන් ක්රියා කරනු ලැබුවා.

✦සංගායනාවේ ප්රතිඵල,
සංගායනාව අවසානයේදී සියලුම භික්ෂූන් වහන්සේලා එකඟ වූ පිටපත් මුද්රණය කරනු ලැබුවා. එමෙන්ම ඒ පිටපත් ලෝකය පුරා බෙදා හැරීමට ද කටයුතු කළා. වර්ෂ 1999දී තායිලන්තයේ ධර්ම සමාජ නම් අරමුදල මගින් හයවැනි සංගායනාවේ පිටපත්වල තිබූ මුද්රණ දෝෂ ආදිය ඉවත් කරමින් නැවත මුද්රණය කිරීමක් ආරම්භ කොට 2007 දී නිම කරනු ලැබුවා. එම පිටපත් ද ලෝකය පුරා බෙදා හැරීමට පියවර ගත්තා. මෙම ක්රියාවලිය සඳහා තායිලන්ත රජ පවුලේ සහ විවිධ දානපතියන්ගේ ආධාර උපකාර ලැබී තිබුණා.
බුදු දහමේ චිර පැවැත්ම සඳහා සිදු කෙරුණ විවිධ ක්රියාකාරකම් අතර ධර්ම සංගායනා ප්රමුඛ ස්ථානයක් ගනියි. ධර්ම සංගායනාවක් යනු “බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා එක් වී සංගායනය කිරීම” යැයි සරල ව අර්ථකථනය කළ හැකි ය.
ඉන් අදහස් වන්නේ ශාසනාභිවෘද්ධිකාමී මහ තෙරවරුන් විසින් බුද්ධ වචනය ඒකරාශි කොට වැරැදි අදහස් ඇතුළත් වී ඇත්නම් ඒවා නිවැරැදි කොට ඇති වන ගැටලූ ධර්ම විනයට අනුව විසඳමින්, ශාසන ශෝධනයක් ඇති කරලීම අරමුණු කොට ගෙන සිදු කරන ක්රියාවලියකි.
මේ උතුම් අරමුණ පෙරදැරි ව සිදු කළ සංගායනා පිළිබඳ ව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එ් අනුව ථේරවාදී බෞද්ධ සම්පරදාය මගින් පැවැත්වූ සංගායනා හයකි. ඉන් පළමු වැන්න බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය තැන මගධ රාජ්යයේ රජගහ නුවර දී ද, දෙවැන්න බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගිය තැන විශාලා මහනුවර දී ද, තෙවැන්න බුදුරදුන් පිරිනිවන් පා වසර 236 ක් ගිය තැන පැළලූප් නුවර දී ද පවත්වා ඇත. හතර වන ධර්ම සංගායනාව කරි.පූ. පළමු වැනි සියවසේ ලංකාවේ මාතලේ අලූවිහාරයේ දී ද, පස් වන හා හය වන සංගායනාව මියැන්මාරයේ දී (බුරුමය) ද පවත්වා ඇත. මීට අමතරව භාරතයේ ම පැවති හතර වන ධර්ම සංගායනාවක් ගැන ද ඉතිහාසයේ සඳහන් වෙයි. එය ථේරවාදී සම්පරදායට අයත් නොවෙයි.
මූලාශ්ර: tipitaka.org

Share With

Light
Dark