November 26, 2024

වීර මොණරවිල කැප්පෙටිපොල 206 වෙනි ගුණ සැමරුම ශ්‍රී දළදා මාළිගාවේ මහමළුවේ පිහිටි කැප්පෙටිපොළ ස්මාරකය අභියස 2024 නොවැම්බර් 26 පෙරවරුවේ පැවැත්විණි. ඒ සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහා විහාර පාර්ශවයන්හී අතිගරු අනුනායක නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙනි. 1505 සිට 1948 දක්වා යටත්විජිත වාදයෙන් මෙරට නිදහස් කර ගැනීම සදහා දේශප්‍රේමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් අර’ගලය වෙනුවෙන් නායකත්වය ලබා දී දිවි පිදු වීරවරයන් අතරට එක්වන මොණරවිල කැප්පෙටිපොල එදා, ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින මේ පුණ්‍යභුමියේ දී නිවහල් දේශයක් වෙනුවෙන් එලෙස දිවිදුන් වග ඉතිහාසයේ දැක්වේ. කැප්පෙටිපොල ගුණ සැමරුම සඳහා එතුමාගේ පවුලේ ඥාතී පිරිස ද සහභාගි වූ අතර, එහි දී මතක වස්ත්‍ර පූජාකොට පැන් වැඩීම සිදු විය.

The 206th commemoration of the heroic Monarawila Keppetipola was held on 26th November 2024 morning at the Keppetipola Monument, located in the Mahamaluwa of the Sri Dalada Maligawa. The event was presided over by the Most Venerable Anunayake Theros of the Malwatta and Asgiri Chapters of the Siam Maha Nikaya.

Share With