October 19, 2024

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය 2024 ඔක්තෝම්බර් 18 සහ 19 දෙදින පවත්වා අවසන් විය. ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ශාස්ත්‍රවේදී පණ්ඩිත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සී ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් වහන්සේගේ උපෙද්ශකත්වයෙන් යුතුව මහනුවර, කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියගේ සංවිධායකත්වයෙන් පැවති මේ වසරේ කඨින චීවර පූජා මහෝත්සවය සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා විසිනි. මුළුතැන් බුද්ධ පූජාව සහ කප්රුක් පූජා සහිත කඨින චීවර පූජාව, සියක් නමකට ආසන්න මහා සංඝරත්නය උදසා සිදුකළ සපිරිකර සංඝගත දක්ෂිනාවකින් සමන්විත විය.
The annual Katina Cheewara Pooja Festival of Sri Dalada Maligawa was held on 18th and 19th October  2024. The organizing was done by Kotmale Sudharma Theri of Lady Bleck Aramaya in Kandy – Katukele under the guidance of Ven. Dr. Urulewatte Dhammasiddhi Sri Attadassi Dhammarakkitha thero, Senior Committee Member of the Asgiri Chapter who is in charge of Dalada Thewa. The main sponsor of this year’s Katina ceremony was Mr. Sajith Premadasa. The Buddha pooja, Katina Cheewara Pooja (offering of a robe) with the “Kapruka Pooja” and alms to nearly hundred Maha Sangha was part of today’s event.

Share With