July 21, 2024

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදු කෙරෙන දෛනික තේවා කටයුතු පෞරාණික චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙත පැවරීම අද (2024 ජුලි 21) මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමගේ වැඩම කිරීමෙන් සිදු කෙරුණි.

සෑම වසරකම තේවා මාරුව ඇසළ පොහෝ දිනට පසුදින සිදුවන අතර එම අවස්ථාවට මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, තේවා කටයුතු භාර මහා සංඝරත්නය, දියවඩන නිලමේතුමා ඇතුළු තේවා කටයුතු වලට සම්බන්ධ කාර්ය මණ්ඩලය සමාජිකයින් සහභාගි වෙති.

පසුගිය වසරක කාල තුල තේවාව කටයුතු මල්වතු මහා විහාර පාර්ශවය මගින් සිදු කරනු ලැබීය. තේවා මාරුව අද පස්වරුවේ සිදු වීමෙන් අනතුරුව පුරා වසරක කාලයක් අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් දළදා සමිඳුන් උදෙසා තේවා කටයුතු සිදු කරනු ලබයි.
The handing over of daily Dalada ritual duties from Malwatta chapter to Asgiriya Chapter took place today (21st July 2024) in the presence of the Mahanayaka Theros of both chapters.

The Thewa change or the handing over of ritual duties takes place annually the day following the Esala Full Moon Poya day. In the presence of the Mahsnayaka Theroes of both chapters, Maha Sangha in charge of Dalada rituals, Diyawadana Nilame & other officials involved in the rituals.

The Dalada rituals were conducted by the Asgiriya Chapter during the time period of last 12 months. After the handing over, the Dalada rituals will be performed by the Malwathu Chapter in the coming 12 months.

Share With