Search
Close this search box.

March 2, 2021

හිරු නොබසින අධිරාජ්යයේ අයුක්තියට එරෙහිව එදා අභීතව සිහනාද කළ ලක් වීරවරයන් අතුරෙන් ඉදිරියට ආ අභීත සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස වාරියපොල ශ්රී සුමංගල නාහිමියන් හැඳින්වේ. වර්ෂ 1815 මාර්තු 02වෙනි දා මහනුවර මඟුල්මඩුවේ දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර බිමට ඇද දැමූ සිංහ ධජය යළි ඉහළට එසවූයේ එවකට ශ්රී දළදා වහන්සේගේ තේවාව භාරව වැඩසිටි වාරියපොල ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ය. මීට 206 වසරකට පෙර සිදු වූ මේ ඓතිහාසික සිද්ධිය අදටත් ගෞරවයෙන් යුතුව සිහිපත් කෙරේ.
ශ්රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි සුමංගල නාහිමි පිළිරවට අද(02) පුෂ්පෝපහාර පුද කරමින් උන් වහන්සේගේ ගුණ සිහිපත් කරනු ලැබුවේ ගරු දියවඩන නිලමේ ප්රදීප් නිංග දෑල මැතිතුමාගේ ප්රදානත්වයෙන් ය.
Venerable Wariyapola Sri Sumangala Thero was one of the main heroes who fought against the British during their unjust ruling. It was Wariyapola Sri Sumangala Thero, the chief incumbent in charge of the Sri Dalada Thewawa at the time who bravely took down the Union Jack and re-hoisted the Sinhalese Lion flag on 02nd March in year 1815 when the British took the Lion flag down before signing the Kandyan Convention. This historical incident which happened 206 years ago is remembered respectfully to date. The Wariyapola Sri Sumangala Thero’s statue at Mahamaluwa was honored with flower offerings to respectfully remember his bravery today (02) by Nilanga Dela the Hon. Diyawadana Nilame.

Share With