Search
Close this search box.

July 22, 2020

ජූලි 25වන දා ඇරඹෙන ලොව ඓතිහාසිකම සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීමක් අද(22) ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විය.

පළමු කුඹල් පෙරහර වෙනුවෙන්, වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය දෙවෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, පස්වෙනි කුඹල් පෙරහර වෙනුවෙන් මහනුවර නිසංසලා පෙරේරා මහත්මිය, පළමු රන්දෝලි පෙරහර වෙනුවෙන් දෙවෙනි වතාවටත් කැළණියේ දිස්නා වනිගසේකර මහත්මිය හා නලීන් ලියනආරච්චි මහතාත්, දෙවෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් පූජ්‍ය යටියන්තොට චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ද, තුන්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් මහනුවර ආර්.එන්. රාජපක්ෂ මහතා, සිව්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මියත්, අවසන් මහා රන්දෝලි පෙරහර වෙනුවෙන් 26 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් (KCC) අධිපති තුසිත විජේසේන මැතිතුමන් යන අය විසින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කරනු ලැබුවා.


The meritorious task of donating beautiful and colorful costume for the ceremonial tusker and the group of tuskers were done today the 22nd at Sri Dalada Maligawa.
Mrs Wasana Perera of Weliveriya donated the costume to be used on the first Kumbal Perahera and this was her second donation. Mrs Nisansala Perera of Kandy donated the costume to be used for the 5th Kumbal Perahera, also for the second time by Mrs Disna Wanigasekera & Mr Nalin Liyanaarachchi of Kelaniya donated the costumes to be used for the 1st Randoli Perahera, By Ven Yatiyantota Chandakitthi thero for the 2nd Randoli Perahera and by Mr R.N Rajapakse of Kandy for the 3rd Randoli Perahera, by Mrs Sagarika Thirimanne of Panadura for the 4th Randoli Perahera and for the 26th consecutive time by Mr Thusitha Wijesena MD of Kandy City Center for the Grand Randoli Perahera.

Share With