Search
Close this search box.

November 26, 2020

මීට වසර 202 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමේ පිවිතුරු චේතනාවෙන් හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියාකරමින් ලාංකේය වීර නාමාවලියේ සිය නාමය ඉහළින් සටහන් කළ අභීත විරුවෙක් වන වීර මොණරවිල කැප්පෙටිපොළ විරුවාණන් සිහිපත් කරමින්, ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ පිහිටි එතුමාගේ ස්මාරකයට අද(26) පුෂ්පෝපහාර පුදකරනු ලැබුවා. කැප්පෙටිපොළ විරුවාණන්ගේ 202වෙනි ගුණ සමරුව යෙදෙන අද දින මෙලෙස පුෂ්පෝපහාර පුද කරනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ නිලධාරීන් පිරිසක් විසිනි. 202 years ago, a hero fought a life and death battle against the ruling British to protect his country, the Buddha Sasana and the nation. Whos name is written at the top of the list of heroes, he is none other but Veera Monarawila Keppetipola. To commemorate this, the memorial pillar which is at Mahamaluwa was offered with flowers by the Diyawadana Nilame and other officials of Sri Dalada Maligawa.

Share With