Ingi Logo

අනාගතය උදෙසා අපේ කම රැකගන්න ඔබගේ වටිනා කාලය වෙන්කර ගන්න!

Days
Hours
Minutes
Ingi Emotive Steps

""ඉඟි" නමින්

පැරණි රජ සමයේ පටන් පැවත එන අපගේ පාරම්පරික නර්තන, වාදන හා ගායන ගුරු කුලයන්හි ප්‍රවීණ කලා ශිල්පීන්ගේ දරුවන්, ආර්ථිකමය ප්‍රතිලාභ හා සමාජමය පිළිගැනීම් ඇති වෙනත් රැකියාවලට යොමු වීම නිසා ඉපැරණි කලාවන්ගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙමින් පවතින බැවින් මෙකී කලාවන්ගේ ගුණාත්මකභාවය හා කලා ශිල්පීන්ගේ සංඛ්‍යාත්මක අගය වඩා වර්ධනය කර ගැනීම සඳහා සිදු කරනු ලබන ඉදිරි පියවරක් ලෙස ශ්‍රී දළදා මාලිගාවට අයත් පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයට (SIBA Campus) අනුබද්ධිතව උඩරට නර්තන පීඨයක් ස්ථාපිත කරන ලදී.

ලාංකේය නර්තන වාදන ගායන සම්ප්‍රදායන් මෙන්ම එකී කලාවන්ට අයත් අනුෂාංගික කලාවන් ද භාවනා ක්‍රම යෝගී අභ්‍යාස ශාරීරික සුවතා හා පෝෂණය ද ඉංග්‍රීසි භාෂාව හා පරිගණක අධ්‍යාපනය ඇතුළත් වන පරිදි පරිපූර්ණ විෂය මාලාවකින් සමන්විත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පූර්ණ එකඟත්වය හා අනුමැතිය සහිත උපාධියක් මේ තුළින් පිරිනැමේ. ඉහත කාර්යභාරය තවදුරටත් පුළුල් කිරීම සඳහා ඔබ සැම උදෙසා අපගේ නර්තන ගායන හා වාදන ශිල්පීන් ඔවුනගේ උසස් අධ්‍යාපන ක්‍රියාවලියේ ක්‍රියාත්මක හා ප්‍රායෝගික ඉගෙනුම් ක්‍රියාවලියෙන් ලද පන්නරය ප්‍රාසාංගික ලෙස…
2023 මැයි 19
පස්වරු 6.00 ට
පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමි ශ්‍රවණාගාරයේ දී
ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටී.

අනාගතය උදෙසා අපේ කම රැකගන්න ඔබගේ වටිනා කාලය වෙන්කර ගන්න!

Gallery