Search
Close this search box.

July 17, 2020

2020 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ලය පැවැත්වීම හා එහි කටයුතු සිදුවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ අවසන් රැස්වීම අද(17) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විය. ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා සිව් මහා දේවාලයන්හි බස්නායක නිළමේ තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දැනුවත් කිරීමේ හමුවේ දී ලබන 25 වෙනි දා සිට අගෝසතු මස 04වෙනි දා දක්වා වීදි සංචාරය කරන ඇසළ මහා පෙරහරේ සූදානම, එහි ආරක්ෂක වැඩ පිළිවෙල, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළු පෙරහර මංගල්ලයට පසුබිම්වන සියළු කරුණු පිළිබඳ රාජ්‍ය අංශ, මාධ්‍ය ඇතුළු සියළු අංශ දැනුවත් කරන ලදී.

The last meeting on how the Kandy Esala Perahera Festival will take place was held today the 17th July at Sri Dalada Maligawa. The government and the media was informed on the precaution measures taken by Hon. Diyawadana Nilame Nilanga Dala and the Basnayake Nilames of the 4 Dewala. The government, media and other parties present were informed about the security measures, health & safety measures and all other procedures in place during the Perahera from the 25th July till 04th August.

Share With