Search
Close this search box.

August 26, 2023

ඇසළ-පෙරහරයි---සිතුවම්-පෙළහරයි-01

2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට සමගාමීව ශ්රී දළදා මාලිගාවේ මාධ්ය හා විශේෂ ව්යාපෘති කාර්යාංශය සංවිධානය කරන “ඇසළ පෙරහරයි – සිතුවම් පෙළහරයි” සිතුවම් තරඟය හා ප්රදර්ශණය අද (අගෝස්තු 26) දින සිට ආරම්භ විය. දිවයිනේ නන්දෙසින් සිතුවම්කරණයට දක්ෂ සිත්තරුවන් විසින් එවූ සිතුවම් පන්දහසකට ආසන්න ප්රමාණය අතුරෙන් විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා දුන් හොඳම සිතුවම් 300, මහනුවර මඟුල්මඩුව පරිශ්රයේ දී අගෝස්තු 26 සිට 29 දින තෙක් දෙස් විදෙස් ජනතාව වෙත දැක බලා ගැනීම සඳහා ප්රදර්ශණය කර තිබේ. මේ කටයුත්ත සඳහා මෙවරත් ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සැදැහැසිතින් සිය බැතිබර අනුග්රහය පිරිණමයි.

Share With