Skip to content
About
Sri Dalada Maligawa | The History
Two Great Monasteries
Malwatta Monastery
Asgiriya Monastery
Chief Custodian
Rituals
Daily Service
Weekly Service
Four Festivals
The Kandy Esala Perahera
Media
Image Gallery
Video Gallery
LIVE Stream
Dalada Waruna E-Magazine
Social Media
Downloads
Features
Feature Articles
The stanza (Gatha) to worship
Ape Pansala
Hermitage (Aranya)
Four Poya Days
Information on Alms
News | Events
News
Events
Upcoming event
Online Store
Donation
English
About
Sri Dalada Maligawa | The History
Two Great Monasteries
Malwatta Monastery
Asgiriya Monastery
Chief Custodian
Rituals
Daily Service
Weekly Service
Four Festivals
The Kandy Esala Perahera
Media
Image Gallery
Video Gallery
LIVE Stream
Dalada Waruna E-Magazine
Social Media
Downloads
Features
Feature Articles
The stanza (Gatha) to worship
Ape Pansala
Hermitage (Aranya)
Four Poya Days
Information on Alms
News | Events
News
Events
Upcoming event
Online Store
Donation
English
Search
September 8, 2020
ඔබ පූජනීය ස්ථානවලදි අනන්තවත් සඳකඩ පහන් දැකලා ඇතිනේ. ඒවායේ උඩින් කොච්චරවත් ගමන් කරලත් ඇති ද. මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ සඳකඩ පහන් හා වෙනත් ස්ථානවල ඇති සදකඩ පහන් අතර වෙනසක් තිබෙන බව ඔබේ අවධානය යොමුවුණාද? මාලිගාවෙි සඳකඩ පහන් දොළහක් විතර තිබෙනවා. අපි වෙනත් ස්ථානවල දැක ඇති සඳකඩ පහන් අර්ධ කවාකාරයි. නමුත් මාලිගාවේ සඳකඩ පහන්වල එහෙම කවාකාර ගතියක් දකින්න නැහැ. කොටින්ම අනුරාධපුර යුගයේ සදකඩපහන් වලට වඩා මාලිගාවේ සදකඩ පහන් වෙනස්. සාමාන්‍යයෙන් අනුරාධපුර යුගයේ සඳකඩපහන්වල ඇතා අශ්වයා, සිංහයා ගවයා කියන සත්ව රූප තිබෙන්නේ. ඒ වගේම හංසයෝ පෙළකුත් කොටා තිබෙනවා. නමුත් මාලිගාවේ සඳකඩ පහන්වල සත්ව රූප අඩුයි. පල්ලේමාලෙ බුදුගෙට ඇතුළුවෙන තැන තියෙන සඳකඩ පහනේ සත්තු හතර දෙනෙකුගේ රූප කොටා තිබුණත් ගවයා ගේ රුව එහි නැහැ. බොහෝ වෙලාවට මහනුවර රජකළ සමහර රජවරු උපතින්ම හින්දු භක්තිකයන්. ඒ අය ගවයා සලකන්නේ උතුම් පූජනිය සත්වයෙක් හැටියටනේ. ඉතින් ඒ පූජනිය සත්වයා පයට පෑගෙන්න අරින්න සුදුසු නැහැ කියලා සමහරවිට හිතන්න ඇති. වැඩසිටින මාලිගය තියෙන මැද මිදුලට පිවිසෙන්න බිම්ගෙයක් වගේ එකකින් යනවනේ. ඒකට කියන්නේ අඹරාව. මේ අඹරාව ඇතුළුවෙන තැන තියෙනවා සඳකඩ පහනක්. ඒ වගේම මැද මිදුලට බහින්න තියෙන හැම පඩිපෙළක් ළඟම සඳකඩ පහනක් තියෙනවා. මේවායේ තියෙනවා ලියවැල් මෝස්තර. ඉතාම සරල කැටයම් තමා මහනුවර යුගයේ සඳකඩ පහන්වල තියෙන්නේ. මේ සඳකඩ පහන් නිර්මාණය කරලා තියෙන්නේ උඩරට ශිල්පීන්. ඒවා පරම්පාරාවෙන් පරම්පරාවට ආ නිර්මාණ හැකියාවක්. ඒ පරම්පරා අදත් බොහෝවිට සිටින්න පුළුවන්. ඒවා නිර්මාණය කළ එක් පරපුරක් හදුනාගැනිමට සලකුණක් තියෙනවා ඒ, පල්ලේමාලෙ බුදුගෙට පිවිසෙන තැන සදකඩ පහනෙයි, මැද මිදුලට බහින තැනක ඇති සඳකඩ පහනෙයි. ඒ සඳකඩ පහන්වල කොටලා තියෙනවා “සපුවිද” කියලා. ඒ සඳකඩ පහන් නිර්මාණය කළ ගම හෝ පරපුර විය හැකියි. මාතලේට නුදුරු ගමක් තමයි සපුවිද කියන්නේ. මිට අමතරව ගල් කැටයම් තිබෙනවා දොර උළුවහුවල. චාමර අතින්ගත් දොරටු පාලකයන්ගේ රූප හා ලියවැල් ඒවායේ දකින්න ලැබෙනවා. මේ ආදි මහනුවර යුගයේ ගල් කැටයම්, ලී කැටයම් ආදිය මාලිගාවේ දකින්න තියෙනවා. ඔබ දළදා වහන්සේ වන්දනා කරලා අහවර වෙලා මාලිගාවේ ඇතුළත නරඹන ගමන් මේ වගේ සියුම් දේවල් ගැනත් අවධානය යොමු කර දරුවන්ට ඒවායේ වටිනාකම් කියා දෙනවානම් එය ඉතා වටිනවා. සඳකඩ පහන් ඡායාරූප:
t.ly/UkIt
සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන
Share With
More To Explore
features
Karthika Festival 2023 of Sri Dalada Maligawa
features
2023 Annual Katina Ceremony of Sri Dalada Maligawa
features
“Perahera Sandeshaya” was handed over to His Excellency the President