මහනුවරම තැතිගත් සුප්‍රසිද්ධ අලිකුලප්පුව

මේ සටහන වර්ෂ 1959 සිදුවු අලි කුලප්පුව ගැනයි. මේ සිද්ධිය එකළ ලොව පුරාම ප්රකට වුණා. ඉතින් මෙය මතක අයත් ඇති.
අපේ ප්රධානම සංස්කෘතික අංගය ලෙස අපි පිළිගන්නේ දළදා පෙරහර. ඉතින් මේ අවසන් රන්දෝලි පෙරහර නරඹන්න විශාල පිරිසක් රට වටෙන්ම නුවරට එනවා. අද වගේ පෙරහර සජිවි දෙන්න තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.
ඉතින් 1959 දි අවසන් රන්දොලි පෙරහර යෙදි තිබුණේ අගෝස්තු 19 වෙනිදා. පෙරහර බලන්න විශාල පිරිසක් ඇවිත් නගරය පුරාම පිරිලා හිටියා. මෙදින රාත්රි 9.10ට යෙදි තිබුණු සුබ මොහොතින් පෙරහර වීදි සංචාරය කිරිම ඇරඹුණා. ක්රමයෙන් පෙරහර ඉදිරියට ගමන් කළා. අලි ඇතුන් විශාල සංඛ්යාවක් පෙරහරේ ගමන් කළා. පෙරහරට ආලෝකය සැපයුණේ කොප්පරා පහන්වල අඟුරු කිහිපයක් යටිනුවර වීදියේ වැටි තිබුණා. ඒ එක්කම හමා ආපු හුළඟ නිසා අගුරු වීදිය පුරා විසිරි ගියා.
අලි ඇතුන් බොහෝම තේජාන්විතව ගමන් කරමින් හිටියේ. කොහොම හරි පෙරහරේ ඉදිරියෙන් ගිය අලියෙකුට මේ කොප්පරා ගිනි අඟුරු පෑගුණා. දැඩි වෙිදනාවෙන් අලියා කුංචනාද කළා. අලියා අසාමාන්ය ලෙස කුංචනාද කරනකොට මුළු පෙරහර තැතිගත්තා.
විශාල විනාශයක් වෙන්න යන බව දැනගත්ත ඇත්ගොව්වා අලියා මෙල්ල කිරිමට නෙයෙක් උපක්රම යෙදුවා. ඒත් ඵලක්වුණේ නැහැ. තවත් ඇත්ගොව්වෝ ඇවිත් අලියා මෙල්ල කරන්න වැඩ කළත් අන්තිමට වුණෙ අලියා තවත් දරුණු වීමයි.
අලියාගේ දරුණුකම වැටහුණු මිනිස්සු ඒ මේ අත දුවන්න වුණා. අලියත් නගරය පුරා දුවන්නවුණා. නැට්ටුවො බෙරකරු⁣වෝත් දුවන්න වුණා. දරුවන් අල්ලා ගෙන හිටපු මව්පියන්ට දරුවන් මඟ හැරුණා. වයසක අයට දුවන්න නොහැකිව තැන තැන වැටුණා.
මේ අලි කුලප්පුව වෙන අවස්ථාව වෙන කොට කරඬුව රැගත් ඇත්රජු මාලිගාව අසලින් පෙරහරට එක්වෙලා හිටියේ. කලබලය ගැන දැනගත් දියවඩන නිලමේ තුමන් කරඬුව රැගත් ඇතා ආපහු මාලිගාවට ගෙවදිමට උපදෙස් දුන්නා. එකල දියවඩන නිලමේ ධුරය දැරුවේ කුඩා බණ්ඩා නුගවෙල නිලමේ තුමාන් ය.
පෙරහරේ ගමන්ගකළ අනෙක් අති ඇතුන් ඇත්ගොව්වන් විසින් ඒ ඒ තැන්වල ගස්වල බැන්දා. තත්වය භයානක වුණා .මේ නිසා මහනුවර පොලිස් අධිකාරිවරයා වහාම සන්නද්ධ පොලිස් නිලධාරින් යටිනුවර වීදියට කැදෙව්වා. පොලිස් නිලධාරින් නගරයේ ස්ථාන කිපයකම මුරකාවල් දැම්මා.
මිනිසුන්ගේ කෑ ගැසීම්වලිනුත් අලියා තවත් බයවි තිබුණා. දැඩි වේදනාවෙන් සිටි මේ අලියා ජනතාව සිටි පැත්තට යන්න හදනකොට පොලිස් නිලධාරින් වෙඩි තැබුවා. කුලප්පු වි මේ දැවැන්තයා වෙඩි පහරින් තවත් දරුණු වුණා. අලියා ආපහු හැරි මරු විකාරයෙන් දුවන්න වුණා. දුවන අලියා පස්සෙන් පන්නාගෙන ආ මහනුවර පොලිසියෙ උප පොලිස් පරික්ෂක ආර්.කරුණාරත්න හා පොලිස් සැරයන් එම්.ඩි.බණ්ඩාර යන නිලධාරින් අලියාට වෙඩි ⁣පිට වෙඩි තිබ්බා.
මේ අලියා අයිති වුණේ පාතදුම්බර කෝරලේ තනතුර දැරු රම්බණ්ඩා උඩුරාවණ මහතාට. අලියා බැලුවේ හීන් බණ්ඩා කියන ඇතිගොව්වා.
1959 දි මහනුවර රන්දොලි පෙරහරේ අලි කුලප්පුව අවසන් වුණේ 15 දොනකු මියගිහින්. බොහෝ දෙනෙක් මියගියේ තෙරපීමට හසුවෙලා. මේ ඛේදවාචකය ඇසු ජනතාව තමන්ගේ ඤාතින් හොයාගෙන මහනුවර නගරයටත්, රෝහලටත්, පොලිසියටත් රොක්වුණා.
පසුදිනයේ නගර සභාවෙන් නගරය සුද්ද කරනකොට සීසීකඩ විසිරි තිබුණු පාවහන්,මුදල් පසුම්බි, ඇඳුම්පැළදුම් ආදිය ගොඩගසා තිබුණා. වෙඩි වැදුණු අලියා ගිය සොයිසා පටුමග අලියා ගිය මාවත ලෙසත් අලියා මියගිය තැන අලි මුඩුක්කුව කියලත් පසුව ප්රසිද්ධ වුණා.
මේ වගේම සිද්ධියක් 1993 දි සිදුවෙන්න ගිහින් එය වැලකුණා.1993 දි පෙරහරේ කරඬුව වැඩමවු රත්නපුර සමන් දේවාලයේ ඇතා දෑලේ සිටින ඇතුන්ට පහර දෙන්න වුණා. ඒ වනවිට මේ ඇතා හිටියේ මාලිගාවෙි දියඅගල අසල. නිර්වින්දන කණ්ඩායම් කැඳෙව්වා. ඒ අසල ඇතා නිර්වින්දය කළහොත් ඇතාට හානියක් විය හැකි නිසා ඇතාව උපක්රමශිලිව මහමළුවට ගෙන්වා ගැනිමට ඇතිගොව්වන් සමත්වුණා. එතනදි ඇතා නිර්වින්දනය කිරිමෙන් පසු වෙන්න ගිය විශාල විනාශයක් වැළකුණා.
1959 දි එතරම් විනාශයක් වි අලියාගේ හා මිනිස් ජිවිත පවා අහිමිවුණේ එකළ නිර්වින්ද එන්නත් නොතිබු නිසාය. දළදා පෙරහර ඉතිහාසයේ මේ 1959 අලිකුලප්පුව සුවිශේෂිව තැනක කියවෙන්නක්.
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email