මහවැලි සී කලාපයේ ගොවීන් විසින් 31 වෙනි වරටත් මහකන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්රස්ථය 2025 මාර්තු 26 දින පෙරවරුවේ දළදා සමිඳුන් වහන්සේ විශයෙහි පූජාකරන ලදී. ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා ඇතිව, මහවැලි වාරි ගොවි ජනපදවල ජනතාව විසින් සිය අස්වැන්නේ අග්‍ර කොටස ඉමහත් භක්තියෙන් යුතුව දළදා සමිඳු අභියස පූජා කරන ලදී.