September 27, 2024

ලෝක සංචාරක ගමනාන්ත අතුරෙන් සුවිශේෂී මංසළකුණක් වන ශ්‍රී දළදා මාලිගාව සැප්තැම්බර් 27 දින ට යෙදී ඇති ලෝක සංචාරක දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබුවා. විදෙස් සංචාරකයින්ගේ විශේෂ අවධානයකට හා ගෞරවයකට ලක්වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට විශාල විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ගමනාන්තයකී. සැමරුම් උත්සවය සඳහා ශ්‍රී දළදා මාලිගාව පිළිබඳ හා මහනුවර පිළිබඳ වන පූර්ණ තොරතුරු ඇතුලත් විශේෂ මාර්ගෝපදේශණ, සංස්කෘතිකාංග, උඩරට සංස්කෘතිය හා ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක ප්‍රජාව දැනුවත් වන ආකාරයේ වැඩසටහන් හා විවිධ ක්‍රියාකාරකම් රැසකින් එය සමන්විත විය.
2024 ලෝක සංචාරක දින සැමරුම සඳහා ශ්‍රී දළදා මාලිගාව හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ලොව විවිධ රටවල් නියෝජනය කරමින් විදේශිකයින් රැසක් සහභාගි කරවූහ. උත්සවයේ ආරාධිත දේශණය ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක ශෂී ධනතුංග මහතා හා ශාන්ත සුවය භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ මයිකල් ෆ්රොන්සාක් මහතා විසින් සිදුකරන ලදී. පැමිණි සංචාරකයින් වෙත දේශිය ආහාර පාන පිළිගැන්වූයේ මහනුවර රාද් හෝටල් කාර්ය්‍ය මණ්ඩලය විසිනී.

A celebration was organized by Sri Dalada Maligawa, which is a known special Tourist Destination, September 27 to celebrate the World Tourism Day. The Temple of the Sacred Tooth Relic is a renowned tourist destination with a large number of tourist arrivals. The celebration included information & guides of the temple and the city of Kandy. It also included awareness and activities about the Kandyan culture and Sri Lanka.
Many tourists took part in the World Tourism Day 2024 celebration which was jointly organized by The Temple of the Sacred Tooth Relic & the Sri Lanka Tourist Development Bureau. The guest lectures were given by Mr. Shashi Dhanathunga, advisor Asian Development Bank & Mr. Michael Fronsak, founder of Shantha Suwaya Meditation Center.

Share With