මහනුවර උඩවත්ත වන රක්ෂිතය පරිසරක අලංකාරය අතින් අනූන වුවකි. එහි ඇති නිස්කලංක බව මහනුවර නගරය රමණීය පරිසරයක් කිරීමටත් සෙන්කඩගල ඉතිහාසය උඩවත්ත කැලය වටා ගෙතුණු බවත් අතීත පොත පතෙහි සදහන් වෙයි. මෙහි එක් පසෙක පිහිටා ඇත්තේ උඩවත්ත තපෝවනය ආරණ්‍ය සේනාසනය වේ. එහි භික්ෂුන් වහන්සේ විසි නමකට ආසන්න ප්‍රමාණයක් වර්තමානයේ වැඩ සිටින අතර, එහි දාන, ශිල, භාවනා යන විවිධ පුණ්‍ය ක්‍රියා දිනපතා සිදු කරයි. අති රමණිය පරිසරයක් තුල සහ ශ්‍රී දළදා හාමුදුරුවන් වැඩ සිටිනා අභියස බුදු දහමෙහි යතානුරුපි දැක්ම තුලින් නිවන් මග පසක් කර ගන්නට මෙම ආරණ්‍ය සෙනසුණ මං පෙත් පාදයි.