කෝට්ටේ යුගයෙන් පසු බුද්ධ ශාසනය, සිංහල භාෂාව හා සාහිත්‍යය පිරිහෙන්නට විය. දහඅට සියවසේ මුල්භාගයේ පහළ වූ වැලිවිට සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේ නිසා නැවත බුද්ධශාසනය හා සිංහල භාෂාව හා සාහිත්‍ය රැකගත හැකිවුන අතර, මේ නිසාම සරණංකර ස්වාමීන් වහන්සේ සංඝනායක පදවියෙන් ද පිදුම් ලබා ඇත.සූරියගොඩ පන්සල රජමහා විහාරයක් බවට පත්වන්නේ සෙංකඩගල නුවර රජ කළ හින්දු ආභාශය ඇතිව රජවුන ශ්‍රී නරේන්ද්‍රසිංහ රජතුමා හේතුවෙනි. මහනුවර යුගයේ රජවරු බුද්ධශාසනයේ දියුණුවට අතදුන්ට බවට සූරියගොඩ රජමහා විහාරය හොඳම උදාහරණයකි.
Copyright By Media Bureau of Sri Dalada Maligawa © 2022