Search
Close this search box.

May 17, 2024

ආර්ථික දුෂ්කරතා සහිත පාසල් දරු දැරියන්ට ශිෂ්යත්ව පිරිනැමීමට ශ්රී දළදා මාලිගාවත් – මහජන බැංකුවත් දායක වෙයි.
මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව 1995 දී මහජන බැංකුවේ ස්ථාපිත කරන ලද බෞද්ධ සුභසාධන අරමුදල මඟින් සලසන ලද ප්රතිලාභ වර්ධනය කරමින්, මෙරට 6 ශ්රේණියේ සිට 11 ශ්රේණිය දක්වා ඉගෙනුම ලබන, ආර්ථික අපහසුතා සහිත දරු දැරියන්ගේ අධ්යාපන කටයුතු සඳහා දායකත්වය ලබාදීම සඳහා මහජන බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින්, දිවයිනේ සියළුම ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නව ශිෂ්යත්ව වැඩසටහනක් දියත් කිරීම ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මැතිතුමා, මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ එහි සාමාන්යාධිකාරී, ප්රධාන විධායක නිලධාරී, කලයිව් ෆොන්සේකා මැතිතුමා ඇතුළු බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගිත්වය ඇතිව 2024 මැයි 17 දින මහජන බැංකු මූලස්ථානයේදී සංකේතාත්මකව ආරම්භ කරන ලදී.
ඒ අනුව,කිසිදු ආගමික හා වෙන් කිරීමේ භේදයකින් තොරව දිවයින පුරා 6 ශ්රේණියේ ඉගෙනුම ලබන ආර්ථිකමය දුෂ්කරතා සහිත පාසල් දරු දැරියන් 2000 ක් තෝරාගෙන ශිෂ්යත්ව ශිෂ්යත්ව ප්රදානය කරනු ලබයි. මෙම ශිෂ්යත්ව වැඩසටහන සඳහා වාර්ෂිකව පාසල් දරු දැරියන් 2000 බැගින් අලුතින් එකතු වන අතර ඒ අනුව 6 වැනි ශ්රේණියේ සිට ශිෂ්යත්ව වැඩසටහනට ඇතුලත් වන දරුවෙකු සඳහා 11 වැනි ශ්රේණිය තෙක්ම මාසිකව ශිෂ්යත්ව හිමිකම අඛණ්ඩව ලැබෙනු ඇත. මෙහි විශේෂත්වය වනුයේ මෙරට පාසල් දරු දැරියන්ගේ අධ්යාපනික වටිනාකම පිළිබඳව නොමද ජාතික මෙහෙවරක යෙදෙන මහජන බැංකුව දළදා මාලිගාවත් සමග ඒකාබද්ධව බැති සිතින් දායක වීමය.

Share With