January 23, 2026

“මෙහෙවරට බුහුමන්” ශ්‍රී දළදා මාලිගාවේ සේවක ප්‍රණාම උළෙල 2026 ජනවාරි 23 වන දින පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ දී.

දළදා සමිඳුන් වහන්සේ ප්‍රමුඛ ‍කොට ශ්‍රී දළදා මාලිගය වෙත ස්වකීය දායකත්වය සැපයූ රාජකාරීකරුවන්, විවිධ මට්ටමේ වෘතිකයන්, කලා ශිල්පීන් ඇතුළු හාරසියයකට ආසන්න සේවක ම‌ඬුල්ල, දශක දෙකකට වැඩි කාලයක් ඉටු කළ මෙහෙවර අගයමින් කරන ප්‍රණාම පුද කිරීමේ “මෙහෙවරට බුහුමන්” ශ්‍රී දළදා මාලිගාවේ සේවක ප්‍රණාම උළෙල මල්වතු හා අස්ගිරි අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද ඇතිව 2026 ජනවාරි 23 දින පස්වරුවේ ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි. උත්සවයේ සජීව විකාශය සවස 2ට ආරම්භ වේ.

Share With