July 5, 2024

දුරාතීතයේ පටන් කඳ සුරිඳු කෙරෙහි භක්තියෙන් උතුර හා නැගෙනහිර සිට දමිළ ජනතාව යාල මහ වන දුර්ගය හරහා කදිරගාමම් හෙවත් කතරගම පූජා භූමියට පැමිණෙති. ඒ වාර්ෂික රුහුණු මහා කතරගම දෙවොලේ පෙරහර මංගල්යයට සමගාමීවයි. දෙවියන් කෙරෙහි ඔවුන් තුල ඇති අචල විශ්වාසයත්, ගෞරවයත් යන දෙකෙහි පලයක් වන මේ දිගු ගමන, නමින් කතරගම පාද යාත්රාව යි. සැතපුම් දහස් ගණනක දුරක් භක්තිය කරනකොට පාගමනින්ම පැමිණෙන මේ බැතිමතුන් උදෙසා ප්රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා, දින ගණනාවක මහ දන්සලක් දෙමින් ඔවුන්ගේ පවස නිවන්නේ, වෛද්ය සත්කාර කරමින් වෙහෙස නිවන්නේ, සනීපාරක්ෂක සේවා සපයා දෙන්නේ එදා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය හෙබ වූ කාලයේ පටන් අද දක්වාම නොකඩවාම වේ.

Share With