November 5, 2025

පහන් ආලෝකයෙන් දසත බැබළවූ කාර්තික මංගල්‍යය 2025

ශ්‍රී දළදා මාළිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් වසරේ අවසානයට යෙදී ඇති කාර්තික මංගල්ලය 2025 නොවැම්බර් 05 වන දින එනම් ඉල් පුර පසළොස්වක පොහෝ දින පැවැත්වීය. කැලණි රජමහා විහාරයේ කණ්ඩුල හස්තිරාජයා මතින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් දළදා මාලිගා චතුරස්‍රය වටා ගමන් කළ කාර්තික පෙරහරත්, ඉන් අනතුරුව පැවැත් වූ පහන් දැල්වීමේ චාරිත්‍රයත් සාම්ප්‍රදායානුකූලව සිදු විය. ශ්‍රී දළදා සමිඳුන්ගේ තේවාව භාර ගරුතර නායක මාහිමිපාණන් වහන්සේ හා ගරු වැඩබලන දියවඩන නිලමේතුමා මෙම පහන් දැල්වීමේ චාරිත්‍රය සඳහා සහභාගි වූහ.

Share With