ஆகஸ்ட் 13, 2026

‘Kap’ Planting Completed at Kandy’s Four Main Devalayas


Marking the commencement of the 2026 Kandy Esala Perahera Mangallaya, the traditional ‘Kap’ planting ritual was performed at the four main devalayas early morning on 13th August 2026.

The sacred Kap brought from Aluthnuwara was planted at the Sri Natha, Vishnu, Kataragama, and Pattini Devalayas at auspicious times with the participation of Basnayake Nilames and officials.

With this, the internal Devale Peraheras will be held for five nights starting tonight. The main street processions are scheduled to begin on August 18.

මහනුවර සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම අද අලුයම සාර්ථකව ඉටුවෙයි.

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ සමාරම්භය සනිටුහන් කරමින්, මහනුවර සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමේ පෞරාණික චාරිත්‍රය 2026 අගෝස්තු 13 වන දින අලුයම යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.

ඊයේ එනම් 2026 අගෝස්තු 12 දින පස්වරුවේ අලුත්නුවර සිට රැගෙන ආ කප සිව්මහා දේවාල වෙත බෙදා දීමෙන් පසු, අද අලුයම යෙදුණු සුබ නැකතට අනුව ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම සහ ශ්‍රී පත්තිනි යන දේවාලයන්හී චාරිත්‍රානුකූලව සිටුවීම සිදු විය. ඒ ඒ දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ඇතුළු නිලකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම පෞරාණික චාරිත්‍රය ඉටු විය.

කප් සිටුවීමත් සමඟ 2026 ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු අංගය ලෙස අභ්‍යන්තර දේවාල පෙරහර අද රාත්‍රියේ සිට දින පහක් පුරා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව, මුළු ලොවක දෑස් සිරිලකට යොමුවන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය උඩරට නර්තන, ගායන හා වාදන, අලි ඇතුන් සමඟින් අගෝස්තු 18 වන දා සිට නුවර වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

கண்டியின் நான்கு தேவாலயங்களிலும் ‘கப்’ நடும் நிகழ்வு நிறைவு
2026 கண்டி எசல பெரஹரா மகா மங்களத்தின் தொடக்கமாக, நான்கு பிரதான தேவாலயங்களிலும் ‘கப்’ நடும் சடங்கு ஆகஸ்ட் 13, 2026 அதிகாலை சுபவேளையில் நடைபெற்றது.

அளுத்நுவரவிலிருந்து கொண்டுவரப்பட்ட ‘கப்’ கம்பம், பஸ்நாயக நிலமேக்கள் முன்னிலையில் ஸ்ரீ நாத, விஷ்ணு, கதரகம மற்றும் பத்தினி தேவாலயங்களில் நடப்பட்டது.

இதனைத் தொடர்ந்து இன்று இரவு முதல் 5 நாட்களுக்கு உள்வீதிப் பெரஹராக்கள் நடைபெறவுள்ளதுடன், ஆகஸ்ட் 18 முதல் வீதி உலாப் பெரஹராக்கள் ஆரம்பமாகும்.

Share With