December 11, 2024

ශ්‍රී දළදා මාලිගා සංකීර්ණයේ පිහිටි මහනුවර ඉපැරණි ලෝක උරුම රජ මාලිගය අභිවර්ධනය කොට සංරක්ෂණය කර මහජනතාවට විවෘත කිරීම 2024 දෙසැම්බර් 12 වන දින පෙරවරුවේ සිදු විය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ මෙරට තනාපති ජූලි චං (Julie Jiyoon Chung) මැතිණිය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මැතිතුමා, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා ඇතුළු මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි. ඇමරිකා එක්සත් ජනපදය – ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේනතුව හා එක්ව සිදුකළ මෙම ව්‍යාපෘතිය සඳහා 2021 වසරේ එක්සත් ජනපද තානාපති අරමුදල විසින් මූල්‍යාධාර ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකාවේ විවිධත්වයෙන් යුත් සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා දීර්ඝ කාලයක සිට ඇමරිකා එක්සත් ජනපදය ලබාදෙන සහයෝගයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් මහනුවර ඉපැරණි ලෝක උරුම රජ මාලිගය අභිවර්ධනය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය හැඳින්විය හැකියි.

The Ancient Kandyan World Heritage Royal Palace, located within the Sri Dalada Maligawa Complex, was officially upgraded, preserved, and opened to the public on 12th December 2024. The ceremony was graced by Hon. Ms. Julie Jiyoon Chung, Ambassador of the United States of America; Hon. Minister of Religious and Cultural Affairs of Buddha Sasana, Professor Hiniduma Sunil Senavi; and Hon. Diyawadana Nilame Pradeep Nilanga Dela of Sri Dalada Maligawa. Financial support for the project was provided by the United States Embassy Fund in 2021, and the restoration efforts were undertaken in collaboration with the Department of Archaeology of Sri Lanka and the United States of America.
This initiative marks a significant milestone in the USA’ ongoing commitment to preserving Sri Lanka’s rich and diverse cultural heritage.

Share With