August 3, 2025

ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි සමාප්ති උත්සවය 2025 අගෝස්තු 03 දින ශ්‍රී දළදා මාලිගාවේ දී.

2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහෝත්සවය වෙනුවෙන් ‘ඇසළ පෙරහරේ දුටු ලස්සනම දර්ශනය’ තේමා කරගනිමින් පුරා දින 5ක් මහනුවර ඓතිහාසික මඟුල්මඩුවේ පැවති ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි තරඟය හා ප්‍රදර්ශනය 2025 අගෝස්තු 03 වන දින ප.ව 4ට නිමාවට පත් වීමට නියමිතයි. ශ්‍රී ලංකාව පුරා විසිරි පන්දහස් නවසිය පනහක් වූ සිතුවම්කරනයේ දක්ෂයින් අතින් සිතුවම් වූ අලංකාර සිතුවම් වලින් විනිශ්චය මණ්ඩලය විසින් තෝරාදුන් හොඳම සිතුවම් 250 මඟුල්මඩුවේ ප්‍රදර්ශණයට එක්කළ අතර, අනෙකුත් සියළුම සිතුවම් මාර්ගගත ක්‍රමයට සැකසූ Virtual Exhibition එකක් මඟින් ප්‍රදර්ශණයට කරන ලදී. මෙහිදී සියළුම කාණ්ඩ වලින් පළමු, දෙ‍වෙනි හා තුන්වෙනි ස්ථාන දිනාගත් 15 දෙනෙකු වෙත මුදල් ත්‍යාග හා සහතික පත් පිරිනැමෙන අතර, අනෙකුත් සියළු දෙන‍ා වෙත සහභාගීත්ව සහතික මාර්ගගත ක්‍රමයට www.kandyesalaperahera.lk මඟින් ලබා දීමට නියමිතයි. ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය විසින් සංවිධානය කළ ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි තරඟය හා ප්‍රදර්ශනයට දිවයිනේ සියළු දිස්ත්‍රක්ක වලින් සිතුවම් එවා තිබූ අතර, විදේශ රටවල් කිහිපයකින් ද සිතුවම් එවා තිබූහ. මෙම කාර්ය්‍ය සාර්ථක කරගැනීම උදෙසා ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව හා ඇට්ලස් සමාගම සිය අනුග්‍රහය අඛණ්ඩව මෙවරත් ලබා දෙන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාත්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යන අංශය විසින් තරඟයේ විනිශ්චය කටයුතු සිදු කළ අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ perabeets සංසදයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි තරඟය හා ප්‍රදර්ශණයේ කටයුතු වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ලදී.

Share With