August 1, 2024

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී 2024 අගෝස්තු 01 දින අළුයම එය සංකේතාත්මකව ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පිළිගන්වනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කොප්පරා පන්දම් වලින් ආලෝකවත් කිරීම සදහා අවශ්‍ය කිලෝ දහසය දහසකට වැඩි කොප්පරා ප්‍රමාණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඒ අනුව පූජා කරනු ලබනවා. 2014 වසරේ සිට පෙරහර මංගල්ලයට අවශ්‍ය කොප්පරා ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව ප්‍රමුඛව සෙසු රෙජිමේන්තුවල බැතිසිත් දායකත්වයෙනී.
කොප්පරා තොගය ශ්‍රී දළදා මාලිගාවෙත භාරදීමෙන් අනතුරුව, දියවඩන නිලමේතුමාගේ සහ යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සව අවස්ථාවේදී මෙවර ඇසළ පෙරහර පැවැත්වීමට අදාල ආරක්‍ෂක වැඩපිළිවෙල සහ අනෙකුත් වැදගත් කරුණු සම්බන්ධව අදහස් හුවමාරු කර ගන්නා ලදී. එහිදී දියවඩන නිලමේ තුමා විසින් ඇසළ පෙරහර මංගල්‍ලය සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ කැපවීම අගය කළ අතර, කොප්පරා පරිත්‍යාගය සඳහා දායක වූ සියළුම වීරෝදාර රණවිරුවන් වෙත ද සිය කෘතඥතාව පළ කළේය.
අනතුරුව දියවඩන නිලමේතුමා විසින් යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් ශ්‍රී දළදා මාලිගාව වෙත නොකඩවා ඉටු කරනු ලබන සේවය අගයමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
“Copra” (dried up split coconuts) to light up the 2024 Kandy Esala Perahera was donated by Sri Lanka Army. The Army Commander Lieutenant General Vikum Liyanage symbolically presented a tray of “Copra” on 01st August 2024 to mark this donation. Accordingly, the army will donate about more than 16 tons of “Copra” to light up the entire procession. Vijayabahu infantry regiment of the Sri- Lanka Army has been continuously donating the required amount of “Copra” for the procession for the past few years.
After handing over the Copra stock to Sri Dalada Maligawa, the Commander of Army met Hon. Diyawadana Nilame and exchanged some views regarding the upcoming Kandy Esala Perahera Festival, it’s security program and other important matters. Diyawadana Nilame appreciated the continuous commitment of the army for the Esala Perahera Festival and also expressed his gratitude to all the army members who were involved in the preparation of Copra.
The Diyawadana Nilame then presented a special commemorative gift to the Army Commander in recognition of the great service rendered by the soldiers and also appreciated the efforts of the troops who contribute to it.

Share With