Prime Minister and the Ambassador of Vietnam to Sri Lanka, Her excellency Ho Thi Thanh, visited the temple of the Sacred Tooth Relic.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ වියට්නාමයේ මෙරට තානාපති හෝ තී-තෑන් (Ho Thi Thanh) මැතිතුමිය අප්‍රේල් 06 වන දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වැඳපුදා ගනු ලැබුවා. වියට්නාමයේ තරුණ සම්මේලනය නියෝජනය කරමින් පැමිණි පිරිසක් ද මේ අවස්ථාව සඳහා එක් වී සිටි අතර‍, අස්ගිරි මහා විහාර පාර්ශවයේ පූජ්‍ය මැටිදෙණියේ කුසළධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ […]

මහවැලි සී කලාපයේ ගොවීන් මෙවරත් තම අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳුන් අභියස දී පූජා කරයි.

මහවැලි සී කලාපයේ ගොවීන් මෙවරත් තම අස්වැන්නේ අග්‍ර කොටස අද (මාර්තු 26) දළදා සමිඳුන් අභියස දී පූජා කරයි.එදා මහනුවර, ගුරුදෙණිය ප්‍රදේශයේ තිබූ ශ්‍රී දළදා මාලිගාවේ කෙත්වතු යාය පසුව මහවැලි වාරිමාර්ග ව්‍යාපෘතියට නතු වීම් හේතුවෙන් එහි වාසය කළ ගොවි ජනතාව දෙහිඅත්තකණ්ඩිය වැනි මහවැලි සී කලාපයේ පදිංචිකරවමින් එහි ගොවිතැන් බත් කටයුතු කිරීමට අවකාශ සැලැස්වීය. එදා දවස පටන් […]

වාරියපොල ශ්‍රී සුමංගල නාහිමි 209 වෙනි ගුණසැමරුම

ලංකා ඉතිහාසයේ බොහෝ යුග වල දේශයේ සුබ සිද්ධිය උදෙසා අරහත් ධජය පෙරටගත් භික්ෂුන් වහන්සේලා පහල විය. ඒ අතුරෙන් වාරියපොළ ශ්‍රී සුමංගල හිමි ලංකා ඉතිහාසයේ අමරණීය නාමයකි.වර්ෂ 1815 මාර්තු 02 වැනි දා උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර බ්‍රිතාන්‍යය ශ්‍රී දළදා මාලිගාවේ ඔසවා තිබූ ජාතික කොඩිය පහතට හෙළා බ්‍රිතාන්‍යය කොඩිය එසවිය. මේ සිද්ධිය දුටු එවකට දළදා සමිඳුන්ට […]

අස්ගිරි මහනාහිමියන්ගෙන් තවත් දිළිඳු පවුලකට නිවහනක්.

අස්ගිරි පාර්ශවයේ මහනායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා පරිදි මහනුවර ගුරුණෑපන ප්ර්දේශයේ ජීවත් වූ දිළිඳු පවුලක් සඳහා අංග සම්පූර්ණ නිවසක් සකස් කොට පරිත්‍යාග කිරීම මහා නාහිමියන්ගේ ප්රාධානත්වයෙන් අද (පෙබ. 12) දින සිදුවිය. මෙම අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, බදුලු මුතියංගන රජමහා විහාරයේ භාරකාර ආචාර්ය මුරුද්දෙණියේ […]

76 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් මහාමාන්‍ය ඩී.ඒස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර පුද කිරීම.

ශ්‍රී ලංකාවේ 76 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි මහාමාන්‍ය ඩී.ඒස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර පුද කිරීම අද (‍පෙබ. 04) පෙරවරුවේ සිදු විය.1948 පෙබරවාරි මස 04 වැනි දින කොළඹ නිදහස්‌ චතුරශ්‍රයට පැමිණි නිදහස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතා, වර්ෂ 1815 සිට ශත වර්ෂයකටත් අධික කාලයක්‌ ශ්‍රී ලංකාව […]

Minister of Transport and Mass Media Dr.Bandula Gunawardena visited Sri Dalada Maligawa

Bp2X178s4h)5qO1d4V2jRNGc Minister of Transport and Mass Media Dr.Bandula Gunawardena visited Sri Dalada Maligawa today (27.01.2024) and blessings of the Sacred Tooth Relic of Lord Buddha.Also Mrs. Fei Deng, South Asian Regional Training Manager of the World Bank, Mr. Ranjith Rubasinghe, Secretary of the Ministry of Roads and Highways, and a group of officials including the […]

“අපෙන් පොතක්” වැඩසටහනේ තවත් එක් අදියරක් අද ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත් විය.

දැයේ දූ දරුවන්ට හෙට ලොව දිනන්නට අත්වැලක් වන්නට ශ්‍රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක වැඩසටහන මඟින් සිදු කෙරෙන “අපෙන් පොතක්” වැඩසටහනේ තවත් එක් අදියරක් අද (ජන. 25) දුරුතු පොහෝ දා පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන්ආවුද මණ්ඩපයේ දී පැවැත් විය. එහිදී අඩු ආදායම්ලාභී පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත් සහ උපකරණ මෙමඟින් පරිත්‍යාග කළ අතර, […]

2024 අලුත් සහල් මංගල්‍යය

නව වසරේ අලුත් සහලින් උතුම් දළදා සමිඳුන් වහන්සේ පුදන “අලුත් සහල් මංගල්ලය 2024” එළඹෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දින (25) සිදු කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් කෙත් වතුවලින් නෙලා ගත් වී අස්වැන්නේ – සහලේ අග්‍ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත අද (ජන. 20) දින අලි – ඇතුන් පිරිවරා […]

The new High Commissioner of Sri Lanka, his excellency Mr. Santosh Jha, visited to Sri Dalada Maligawa

ඉන්දියාවේ මෙරට නව මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා අද (ජන. 18) දින පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. The new High Commissioner of Sri Lanka, his excellency Mr. Santosh Jha, visited the historic Sri Dalada Maligawa in Kandy this morning (Jan. 18) and blessings of the Sacred Tooth […]