ඔවුන් වෙනුවෙන් “අපේ සත්කාරය”

දුරාතීතයේ පටන් කඳ සුරිඳු කෙරෙහි භක්තියෙන් උතුර හා නැගෙනහිර සිට දමිළ ජනතාව‍ යාල මහ වන දුර්ගය හරහා කදිරගාමම් හෙවත් කතරගම පූජා භූමියට පැමිණෙති. ඒ වාර්ෂික රුහුණු මහා කතරගම දෙවොලේ පෙරහර මංගල්‍යයට සමගාමීවයි. දෙවියන් කෙරෙහි ඔවුන් තුල ඇති අචල විශ්වාසයත්‍, ගෞරවයත් යන දෙකෙහි පලයක් වන මේ දිගු ගමන, නමින් කතරගම පාද යාත්‍රාව යි. සැතපුම් දහස් ගණනක […]

Hon. President Ranil Wickremesinghe visited the Sri Dalada Maligawa

ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (2024 ජූනි 27) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.Hon. President Ranil Wickremesinghe visited the Sri Dalada Maligawa this morning (27th June 2024), and received blessings of the Sacred Tooth Relic. Share With More To Explore

New Zealand’s new High Commissioner to Sri Lanka visited to Sri Dalada Maligawa

නවසීලන්තයේ මෙරට නව මහකොමසාරිස් ඩෙවිඩ් ග්‍රෙගරි මැතිතුමා අද (2024 ජුනි 25) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා විසින් මහකොමසාරිස් වරයා ශ්‍රී දළදා මාලිගාවේ දී පිළිගනු ලැබුවා. ඇත්ගාලේ බුරුමරාජා ඇතු විසිනී.‍ New Zealand’s new High Commissioner to Sri Lanka, His excellency Mr. David Gregory, visited the […]

The Annual Poson Perahera of the Temple of the Sacred Tooth Relic

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර මෙවරත් චිරාගත සම්ප්‍රදායානුකූලව අද (2024 ජූනි 21) යෙදුනු පොසොන් පුර පසළොස්වක පොහෝදා සන්ධ්‍යාවේ වීදි සංචාරය කරනු ලැබුවා. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වීම සිදු කලේ ශ්‍රී දළදා මාලිගා ඇත්ගාලේ බුරුමරාජා ඇතු විසිනී.‍ According to traditions the annual Poson Perahera of the Temple of the Sacred Tooth Relic paraded the streets […]

මහ පොළවට දන්සලක්

පින්බර පොසොන් පොහෝ දින එනම් අද (2024 ජුනි 21) වන දින ශ්‍රී දළදා මාලිගාවේ හරිත ව්‍යාපෘතිය වෙතින් පැමිණ සිටි දහස් ගණනක් වූ වන්දනාකරුවන්‍ට, ඔවුන් ශ්‍රී දළදා මාලිගයෙන් පිටව යන මොහොතේ ගරු දියවඩන නිලමේ තුමා අතින් පැලයක් තිළිණ වුනේ මේ පොසොන් සමයට නව අරුතක් එක් කරමින් ය.  Share With More To Explore

බැතිමතුන් දහස් ගණනකට ආහාරපාන ලබා දෙමින් ශ්‍රී දළදා මාලිගාවේ ක්‍රියාත්මක පොසොන් දන්සල් කලාපය.

පින්බර පොසොන් පොහෝ දින එනම් අද (2024 ජුනි 21) වන දින මහනුවර නගරයට සහ ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දහස් ගණනක් වූ සංචාරකයින් හා බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක දන්සල් කලාපය. Share With More To Explore

Mr. Ghulam Sarwar, the newly appointed Secretary General of the SAARC visited Sri Dalada Maligawa.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් අටක් සාමාජිකත්වය දරණ දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයට (SAARC) අභිනවයෙන් පත් මහලේකම් ගුලාම් සාර්වර් මැතිතුමා අද(2024 ජුනි 11) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා විසින් මහලේකම්වරයා ශ්‍රී දළදා මාලිගාවේ දී පිළිගත් අතර, එතුමා විසින් රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබුවා.Mr. Ghulam […]

වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ට අද වැඩහිඳින කුටිය සමීපයට ගොස් වන්දනාමාන කිරීමට අවස්ථාව උදා උනා.

දළදා හාමුදුරුවන් වහන්සේ වැඩහිඳින කුටිය සමීපයට ගොස් වන්දනාමාන කරන්න ලැබෙනවා කියන්නේ ඒක ඉතා කලාතුරකින් කෙනෙක්ට ලැබෙන අවස්ථාවක්. එවැනි මහරු අවස්ථාවක කොටස්කරුවන් වන්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිහිටි නිවාසවල වැඩිහිටියන් පනස්දෙනෙකුට අද(2024 ජුනි 06) හැකි වුනා. මේ පින්වන්ත කටයුත්ත, තේවාව භාරව කටයුතු කරන ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක්. Share With More To Explore

පරිසර දිනයේ සොබාදහමට තවත් අපුරු තිලිනයක්.

පරිසර දිනයේ සොබාදහමට තවත් අපුරු තිලිනයක්. අදට ( 2024 ජූනි 05 ) යෙදී ඇති ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහමළුව භූමියට තවත් වටිනා ශාකයක් එකතු වුනා. ඖෂධීය වටිනාකමක් සහිත, ශ්‍රී ලංකාවේ දුර්ලභ ශාකයක් ලෙස හැඳින්වෙන “මල් මුරුත” (Lagerstroemia speciosa) ශාකයක් ගරු දියවඩන නිලමේ තුමා විසින් රෝපනය කරන ලදී. Another wonderful gift to nature on […]