“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2026

පින්බර දස දිනක් කන්ද උඩරට දිවමන් වාම දළදා පුරවර විදීසර හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය සැදැහැ සිතින් දැක විඳගත් සාධුජන නමස්කාර මධ්‍යයේ පෙරහර පවත්වා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙලෙස සටහන් කෙරිණි.නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ පැවැත් වූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා […]

Early Morning Procession and Water Cutting Ceremony – 2026

අළුයම් පෙරහර සහ දිය කැපීමේ චාරිත්‍රය 2026.2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර 2026 අගෝස්තු 27 වන නිකිණි පුර පසළොස්වක පෝහෝ දින රාත්‍රියේ ශ්‍රී දළදා සමිඳුන්ට සහ සිව්මහා දෙවිවරුන්ට සියලු ගරු බුහුමන් හා පුද පූජා දක්වමින්, මහත් හරසරින් වීථි සංචාරය කර ගෙවදින ලදී.අනතුරුව අලුයම සුබ නැකතින් පුරාණ චාරිත්‍රානුකූලව ධාතු කරඬු වහන්සේ […]

Kandy Esala Perahera The Grand Randoli Procession 2026

නිකිණි සඳකත් භක්තිවන්ත රාත්‍රියක නමස්කාරය සදිසිය. අහස වියමන් කරන නෙක ආලෝක ධාරා දෙව් බඹුන් මිහිමතට එන සෙයකි. ජනීජනයෝ මඟ දෙපස දොහොත් මුදුනත තබා ගෙනය. රාජ සම්මත නිලකරුවන් පෙරමුණ තබා පංචතූර්ය වැයේ. නර්තනාංග විචිත්‍රවත් බව දල්වන අත්වට කොප්පරා පන්දම් ආලෝකයයි. වතපුටුව මත වඩා හිඳුවා රන්සිවිගේ සෙවණ දී කදිරපුරවර වාසනා පින්සාර මංගල ගිඦිඳුන් දෑල පිරිවරා ගත් මියන්දරාජා […]

Kandy Esala Perahera Fourth Randoli Procession 2026

සිරින් පිරි පිනෙන් සරු රන්දෝලි පෙරහරේ සිව්වැනි දිනයේ සිරි දළදා පෙරහරේ අභිමානය වඩවමින් සධාතුක පෙරහර කරඬු වහන්සේ රැගෙන සන්සුන් ගමනින් පියවර තැබුවේ කදිරපුර වාසනා ඇත් රජු, දෑලේ සිංහරාජා සහ පුලතිසිරාජා හස්තීන්ය. මේ නිසල රූ පෙළ අසිරිමත් මනරම් රාත්‍රියක ප්‍රභාව යළි දෑස් දල්වන්නේය. புனித ரந்தோளி ஊர்வலத்தின் நான்காம் இரவில், கம்பீரமான ‘கதரகம வாசனா’ யானை புனித தாதுப் பேழையைச் சுமந்து […]

Kandy Esala Perahera Third Randoli Procession 2026

සිරි දළදාව හා බැඳුණු සංස්කෘතිය රජ දරුවන් පවා උතුම් කොට සලකන ලදුව, ඒ නරපති නියමයන් නොකඩ කොට රැකි සිරිතට මිනිස් වග හා දෙව් බඹුන් පමණක් නොව සොබා දහම ද නමස්කාර කළෝය. ඒ දැහැමි පහන් හැඟුම් තීව්‍ර කළ පෙරහර මංගල්‍ලයේ තුන්වෙනි රන්දෝලි පෙරහර, සිංහරාජා මඟුලැතු කරඬුව වැඩවමින් දෙපස රැකවල් සැදූ මියන්රාජා හා පුලතිසිරාජා ගජගාවරු සමඟ උඩරට […]

Kandy Esala Perahera Second Randoli Procession 2026

ෂඩ් වර්ණ ධජ සැලෙමින් කොප්පරා පන්දම් එළි දීප්තිය සැදි රැයක, ගැයුම් වැයුම් රැඟුම් පිරිවරා සුපින්වත් සිංහරාජා ඇත් රජු පෙරහර කරඬුව වත පුටුව මත හිඳුවා පුලතිසිරාජා හා මියන්රාජා හස්තීන් දෙපස කැටුව දෙවෙනි රන්දෝලියදා නුවර වීදී ගමන් කළ සාඩම්බර ලීලාව තෙවැනි ඇසින්. பறக்கும் ஆறு வண்ண பௌத்த கொடிகளுக்குக் கீழும், எரியும் தேங்காய் ஓட்டுப் பந்தங்களின் வெளிச்சத்திலும், ஆசீர்வதிக்கப்பட்ட ‘சிங்ஹராஜா’ என்ற யானை […]

Kandy Esala Perahera First Randoli Procession 2026

දළදාවේ රන් රැස රැගෙන දෑලේ පිරිවරාගත් පුලතිසි හා සිංහරාජා හස්ති රාජවරු සමගින් කුලවන්ත වාසනා සද්ධන්තයාණෝ පෙරහැර කරඬුව වඩවමින් පළමු රන්දොලියට පූර්විකාව සැපයූ වගයි. புனித பேழையின் தங்க ஒளிவெள்ளத்தின் கீழ், புலதிசிராஜா மற்றும் சிங்கராஜா ஆகிய யானைகள் இருபுறமும் கம்பீரமாக அணிவகுத்து வர, ‘கதிரகம வாசனா’ என்ற யானை பெரஹராவின் புனித பேழையை சுமந்து சென்றது. இது முதல் ரந்தோலி ஊர்வலத்தை என்றும் அழியாத பிரம்மாண்டத்துடன் தொடங்கி வைத்தது. […]

ආදිවාසි ඇත්තෝ දළදා සමිඳුන්ට මී පැණි පූජා කරති.

ආදිවාසි ඇත්තෝ දළදා සමිඳුන්ට මී පැණි පූජා කරති.සෑම වසරකම ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේදී, ආදිවාසි ජනතාව විසින් දළදා හාමුදුරුවන්ට මහත් භක්තියෙන් යුතුව සිදු කරනු ලබන මී පැණි පූජාව 2026 අගෝස්තු 23 වන දින පෙරවරුවේ සිදු කරන ලදී. හේමමාලාවන් සහ දන්ත කුමරුන් වාම ශ්‍රී දළදා වහන්සේ සමඟ ලක්දිවට සැපත් වූ දා සිට උන්වහන්සේ […]

Kandy Esala Perahera Final Kumbal Procession 2026

සිව් දිනක් අඛණ්ඩව කන්ද රට පොබකර නුවර සෙත් ගැන්වූ, කුඹල් පෙරහර ප්‍රයාමයේ අවසන සනිටුහන් කරමින් මඟුලැතු සිංහරාජාට දෑලෙ රැකවල් සදමින් පුලතිසිරාජා හා මියන්රාජා ඇතුන් හැඩගැන්වූ අවසන් කුඹල් පෙරහරේ නිසල රූ පෙළයි මේ. Five nights of radiance culminated in a timeless finale, as Pulathisiraja and Myanraja stood guard beside majestic Sinharaja, bringing the Kumbal Procession to […]

Kandy Esala Perahera Fourth Kumbal Procession 2026

සෙංකඩගල දිලෙන සොබාවේ දෑ උරුම රැඟුම් පබා, පුලතිසි රාජා මඟුලැතු වී සිරිත් පෙරහර කරළියට පැමිණි සිව්වැනි දිනේ කුඹල් පෙරහර රුසිරු මෙලෙස දිස්විණි. The timeless splendour of Senkadagala unfolded once more, as ancient traditions and graceful dances welcomed the majestic Pulathisi Raja on his first appearance in the 4th Kumbal Procession. Share With More To Explore