ජනවාරි 3, 2026

දළදා හාමුදුරුවන් වහන්සේ අභියස දී අලුත් සහල් මංගල්‍ලය චාරිත්‍රය ඉටුකරයි.

සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ පළමුවෙන් සිදුකරන අලුත් සහල් මංගල්ලය 2026 ජනවාරි 03, එනම් දුරුතු පුර පස⁣ළොස්වක පොහෝ දින සිදුකරන ලදී. පසුගිය දා ශ්‍රී දළදා මාලිගය වෙත රැගෙන ආ අලුත් සහලින් පිසූ දානය පෙරවරුවේ චිරාතග සම්ප්‍රදායානුකූලව ගරුතර තිබ්බටුවාවේ සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේ සහ දියවඩන නිලමේතුමා ප්‍රමුඛ නිල රාජකාරිකරුවන්ගේ සහභාගීත්වයෙන් දළදා හාමුදුරුවන් වහන්සේ විශයෙහි මෙලෙස පූජා කරන ලදී.

The New Rice Festival (Aluth Sahal Mangallaya), the first of the four great annual festivals of Sri Dalada Maligawa, was held today on 03rd January 2026(Duruthu Full Moon Poya Day). Alms prepared with the new rice were offered to the Sacred Tooth Relic this morning at Sri Dalada Maligawa, in accordance with ancient tradition.

Share With