Search
Close this search box.

March 8, 2022

Nadungamuwe Raja, who was honored as the tallest domesticated tusker in South Asia passed away yesterday (Mar.07) after serving Sri Dalada Maligawa as the ceremonial tusker carrying the relic casket in the Esala Perahera Festival over a decade. Maha Sangha, Diyawadana Nilame and laypeople from all around the country gathered to Nadungamuwa in Gampaha district to pay their last respect to him. The final rights, rituals and prayers were performed by Anunayake theros of Asgiriya & Malwathu chapters. The remembrance speech was delivered by Dr. Harsha Dharmavijaya, owner of the tusker. It was a heart-wrenching sight to see Mr. Wilson Kodithuwakku the caretaker & mahout of Raja offering flowers for the last time to the tusker whom he cared for over two decades.
Raja who was born in India in 1953 was included in Dalada Perahera by an invitation of Diyawadana Nilame Hon. Nilanga Dala from year 2005. He who was adorned by many Sri Lankans will be remembered mostly for his dedication and the long walk he endured to join the Esala Perahera.
දශකයට අධික කාලයක් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ශ්රී දළදා මාලිගාවේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම කිරීමේ භාග්යවන්ත කාර්ය්ය ඉටු කරමින්, දකුණු ආසියාවේ උසම හීලෑ දළ ඇතු ලෙසින් ගෞරවයට පත්ව සිටි නැදුන්ගමුවේ රාජා මඟුල් ඇතු ඊයේ (මාර්තු07) දින අවසන් ගමන් ගියා. රාජාට අවසන් බුහුමන් දැක්වීම සඳහා මහා සඟරුවන, ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, ලංකාවේ විවිධ ප්රදේශ වලින් පැමිණි ජනතාව රජා දිවි ගෙවූ ගම්පහ නැදුන්ගමුවට පැමිණ සිටියා. මියගිය රාජා වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකිරීම මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිගරු අනුනායක නාහිමිපාණන් වහන්සේලා විසින් සිදු කළ අතර, රාජා පිළිබඳ මතකාවර්ජනයක් කිරීමට රාජාගේ භාරකරු ලෙස වෛද්යාචාර්ය්ය හර්ෂ ධර්මවිජය මහතා කටයුතු කළා. දශක දෙකකට වැඩි කළක් නැදුන්ගමුවේ විජය රාජා ඇතුගේ සියළු කටයුතු ඉටුකරමින්, රාජා ආරක්ෂාවෙන් බලා ගත් විල්සන් කොඩිතුවක්කු හස්ථිපාලක මහතා විසින් සමුගෙන යන තම ඇතුට පුෂ්පෝපහාර පුදකළ අයුරු ඒ මොහොතේ රැස්ව සිටි සියළුදෙනා සංවේගයට පත් කරනු ලැබුවා.
 
1953 වසරෙහි දී භාරත දේශයේ උපන් රාජා 2005 වසරේ සිට මහනුවර ශ්රී දළදා මාලිගා පෙරහරට එක් කරනු ලැබුවේ ප්රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ ආරාධනයෙන් ය. පෙරහර කාර්ය්ය ඉටු කිරීම වෙනුවෙන් සියනෑ කොරළයේ සිට මහනුවර දක්වාම පාගමනින් පැමිණෙන නැදුන්ගමුවේ ඇතු, මෙරට ජනතාව අතර ඉමහත් ගෞරව සැළකුම් ලද හස්ථි රාජයෙක් ලෙස ඉතිහාසයට එක්විය.

Share With