October 12, 2026

සම්බුද්ධ ශාසනයේ අනාගත උන්නතිය උදෙසා වියත්, විනයධර භික්ෂු පරපුරක් නිර්මාණය කිරීමේ උදාර අරමුණින් මහනුවර අස්ගිරි මහා විහාර මහ පිරිවෙන මගින් සංවිධානය කළ 2026 “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල තෙදිනක් පුරා පිරිවෙන් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
 
අතිගෞරවාර්හ නාරම්පනාවේ සද්ධර්මවාගීෂ්වර ශ්‍රී සුමණතිස්ස ආනන්දාභිධාන මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ, අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක නාහිමිපාණන් වහන්සේගේ සහ අස්ගිරි මහා විහාර මහ පිරිවෙනෙහි පරිවෙනාධීශ්වර පූජ්‍ය හඳගනාවේ විමළධම්ම හිමියන්ගේ අනුශාසනා හා මඟපෙන්වීමෙන් පැවැත්වූ මෙම කලා උළෙල, විචිත්‍රවත් සාහිත්‍යාංග, ශිෂ්‍ය හිමිවරුන්ගේ කුසලතා එළිදැක්වීම්, ආරාධිත දේශන සහ කලාත්මක නිර්මාණ රැසකින් වර්ණවත් විය. ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවර අගයමින් පැවැත්වූ මෙම උළෙල සඳහා මහ සංඝරත්නය, කලාකරුවන්, මහනුවර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.
 
Organized by the Asgiriya Maha Vihara Maha Pirivena in Kandy with the noble objective of fostering a scholarly and disciplined monastic generation for the future upliftment of the Sambuddha Sasana, the 2026 ‘Sanjananee’ Student Literary and Art Festival was successfully concluded over three days at the Pirivena premises.

Streamed LIVE | Sanjanani 2025

8 Videos

Share With