පින්බර දස දිනක් කන්ද උඩරට දිවමන් වාම දළදා පුරවර විදීසර හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය සැදැහැ සිතින් දැක විඳගත් සාධුජන නමස්කාර මධ්‍යයේ පෙරහර පවත්වා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙලෙස සටහන් කෙරිණි.
නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ පැවැත් වූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, 2026 අගෝස්තු 28 දින දහවල් 2.18 ට යෙදුන සුබ නැකතින් දිවා පෙරහර අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්ව මහනුවර වීදි සංචාරය කරන ලදී. සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවා සවස 4.01 ට යෙදි තිබූ සුබ මුහුර්තයෙන් දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් නැවත ගෙවදින ලදී.
ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණ පරිච්ඡේදයක් සටහන් කරමින් 1716 වන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් දළදා හාමුදුරුවන්ටත්, සිව්මහා දෙවිවරුන්ටත් නෙකවිද සංස්කෘතික පූජෝපහාර පුදකොට, කලට වැසි ලැබ, රටට සෞභාග්‍යය උදා වී, සියළු ලෝ වැසියනට ආශිර්වාද වේවා යැයි ප්‍රාර්ථනා කර එහි සමාප්තිය තබන ලදී.
2026 ඇසළ පෙරහර මහා මංගල්ලය අති සාර්ථකව පවත්වා අවසන් කළ වග ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් විසින් සංදේශය මඟින් පිළිගන්වා දන්වා සිටීමෙන් පසු පෙරහර මංගල්ලයේ නිමාව නිල වශයෙන් සනිටුහන් විය.
புனித தanta தாதுவை வணங்கி, சிறந்த கலாச்சார மங்கலங்கள் மூலம் உலகிற்கு ஆசியளித்த 1716-வது கண்டி எசல பெரஹெரா விழா 11 நாட்களுக்குப் பின் நிறைவடைந்தது. சுப நேரமான மாலை 4:02 மணிக்கு, சிங்கராஜ என்ற மங்கல யானை பழமையான சந்திரவட்டக் கல்லில் அடிவைத்து பிரதான “மகா வஹல்கட” வழியே நுழைந்தது.
பெரஹெரா வெற்றிகரமாக நிறைவடைந்ததை அறிவிக்கும் “பெரஹெரா செய்தி” (Perahera Sandeshaya), தியா வதன நிலமே அவர்களால் மேதகு ஜனாதிபதி அனுர குமார திசாநாயக்க அவர்களிடம் ஒப்படைக்கப்பட்டு, 2026 கண்டி எசல பெரஹெரா விழா இனிதே நிறைவுற்றது.
Divinely colorful & wondrous 1716th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour of 4:02 pm and entered through the main “Maha Wahalkada”
“Perahera Sandeshaya” the communication of the successful conclusion of the Kandy Esala Perahera Festival 2026 was handed over to His Excellency the President Hon. Anura Kumara Disanayaka by Hon. Diyawadana Nilame marking the conclusion of the festival.